ජනමතයට ඉඩ දෙනු ! ඡන්දය පවත්වනු !

නතර කළ පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්නැයි ආණ්ඩුවට බල කර අද (08) සවස රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ජාතික ජන බලවේගය මගින් සංවිධානය කරන ලදි .

ජනතා පරමාධ්‍යපත්‍ය රැක ගැනීමට පෙරට එමු! ජනමතයට ඉඩ දෙනු ! ජන්දය පවත්වනු ! ජන්දය නොතියා ප්‍රජාතන්ත්‍රවාදය මරණ ආණ්ඩුවට එරෙහි වෙමු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් ආණ්ඩුවට ජන්දය පවත්වන්නැයි බලකර සිටියහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා විශාල පිරිසක් සහභාගි වි වුන්හ .

පොලිසීයට අමතරව කැරැළි මර්දන පොලසීය ද කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *