ජන්දය ඉල්ලු ජ.වි.පෙට රනිල්ගෙන් කදු ගෑස් සහ ජල ප්‍රහාර

ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුලු උත්සහය පරදවමු යයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවෙිගය අද (26) සවස කොළඹ ටවුන්හොල් හි පැවැත් වු විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය කදුගැස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට උත්සහයක නිරත විය .

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් විරෝධතාකරුවන් කිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ .

පොලිසියේ බාධා කිරීම් මැද විරෝධතාකරුවෝ පුරහල ඉදිරිපිට වෙිදිකාවක් තනා විරෝධතා රැලියක් පවත්වන ලදි .

ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජා .ජ .බ . නායක අනුර කුමාර සහ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජා .ජ .බයේ නායකයින් පැමිණ සිටි මහජනයා අමතා කතා කළශ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට විශාල මහජනකායක් පැමිණ සිටියහ .

විහාර මහ දේවි උද්‍යානයට එකතු වු විරෝධතාකරුවන් නෙළුම් පොලුණ ඉදිරිපිටින් පෙලගැසි සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන , සටන පාඨ කියමින් ටවුන්හොල් දක්වා ගමන් කළහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය මැඩපැවැත්වීම සදහා ආණ්ඩුව පොලිසිය , කැරලි මර්දන ‌පොලිසිය ,විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැදවා තිබුණි .

ජාතික ජන බලවෙිගයට සම්බන්ධ නොවන ආණ්ඩු විරෝධීන් කම්කරු පිඩිත ජනතාවක් ද මෙම විරෝධතාවයට එකතු වි සිටියහ .

default

Leave a Reply

Your email address will not be published. Required fields are marked *