ජනාධිපතිගේ සහ කතානායකගේ ප්‍රකාශය මුට්ටිය දමා බැලීමක්ද?

පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයන් සම්බන්ධයෙන් නියෝග දීමේ බලයක් අධිකරණයට නොමැති බවට කතානායකවරයා විසින් අගෝස්තු 09 වෙනිදා දින පාර්ලිමේන්තු වේදී කරන ලද ප්‍රකාශය ඒ සම්බන්ධයෙන් ම ඊට පෙර ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයට සම්බන්ධ සැලසුම් සහගත ප්‍රකාශයක් බව නීති ක්ෂත්‍රයේ මතය වී තිබේ .

කතානායකවරයා අගොස්තු 09 දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනු ලැබුයේ පාර්ලිමේන්තුවේ දැනට සම්මත කරගෙන ඇති කිසිදු යෝජනාවකට එරෙහිව ඔ්නෑම ආකාරයක නියෝගයක් හෝ තීන්දුවක් නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බවය .ඒ සමගි ජන බලවෙිගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් වී සිටින ඇමති හරීන් ප්‍රනාන්දු මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වන අතර එද වරප්‍රසාද ප්‍රශ්නය මත් කිරීම ද එම සැළසුමේම කොටසක් බව නීති ක්ෂේත්‍රයේ මතය වි ඇත.

දේශීය ණය ප්‍රශස්තකරණය යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇති බැවින් එම යෝජනාව ශ්‍රේඨාධිකරණයේ හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටතේ පිහිටුවන ලද වෙන්ඔ්නෑම අධිකරණයක අධිකරණ බලයෙන් ඔබ්බට ප්‍රශ්න කිරීමට හෝ සමාලෝචනය කිරීමට හෝ අභියෝග කිරීමට හෝ නොහැකි බව කතානායකවරයා එහිදී කියා ඇත .ඔහු තවදුරටත් කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රශ්න කිරීමට හෝ ඊට මැදිහත් වීමට අධිකරණයට නොහැකි බවත් කතානාකවරයාට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව හිටපු කතානායක අනුර බණ්ඩාරනායක 2001 වසරේදී පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවයි .

කතානායකවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීකදී ජනාධිපති නීතිඥ වරයකු පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් යම්කීසි පුරවැසීයකුගේ මානව හිමිකම් උල්ලංඝණය වන්නේ නම් ඒ සදහා ප්‍රතිකර්මයක් තිබිය සුතු බවත්, මුලික අසිතිවාසිකම් යන්න ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසක් බවත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී අභියෝගයට ලක්කිරීමට හැකි අයුරින්ම විධායක හා පරිපාලන ක්‍රියාවකින් මුලික අයිතිවාසිකම් කඩවිමක් අභියෝගයට ලක්කළ හැකි බවය . එසේ නොවුනහොත් පුරවැසියන්ට කිසිදු සහනයක් හිමි නොවන බවයි .

ණය ප්‍රතිව්‍යුහතකරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ අගොස්තු 04 වැනිදා පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන මහ සබා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය පිරිපාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බැවින් ණය ප්‍රශස්තකරණය වැඩපීළිවෙලේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රාජය සුදානම් නැති බවය . ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබුනේ ණය ප්‍රතිවයුගතකරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට උත්සහ කරනවා යැයි ප්‍රකාහ කරමින්ය.

එම ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් විසින් හෙළා දකිමින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම අධිකරණ කටයුතු වලට මැදිහත්විම සම්බන්ධයෙන් නීති ක්ෂත්‍රයේ දැඩි ස්ථාවරයක සිටිය යුතු බවය .ජනාධිපතිවරයාගේ මැදිහත් වීම් දෙස ඔවුන්ට ඇස් පියාගන සිටය නොහැකි බවද ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කියා තිබුණි . ජාතික ජන බලවේගයේ නියෝජනය කරන නීතිඥයින් දමාධ්‍ය හමුවක් පවත්වමින් එම ප්‍රකාශය හෙළා දකිමින් කියා තිබුණේ දේශීය ණය ප්‍රතිවයුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණය හමුවේ ඇති නඩු සදහා බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට එම ප්‍රකාශය මගින් උත්සහ දරා ඇති බවය .

අනිද්දා පුවත්පතේ -ලසන්ත රුහුණගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *