ජනාධිපති මැතිවරණය වැළැක්විමේ උත්සාහයක්

ජනාධිපි රනිල් වික්‍රමසිංහ තමන්ගේ විධායක බලතල යොදා ගනිමින් ජනවාරි ( 01) නිතුත් කළ නියෝග හේතුවෙන් මැතිවරණයට බාධා එල්ල වි ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති .

රාජ්‍ය ආයතන ණය පදනම මත භාණඩ හා සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝග කඩ කරන රාජ්‍ය නිලධාරීන් ආදාළ වියදම් වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගයේ සදහන් වේ .

මෙතෙක් පැවැති සෑම මැතිවරණයකදිම මැතිවරණ කොමිසම නැවත ගෙවිමේ පදනම මත භාණ්ඩ සහ සේවාවන් ලබා ගත් අතර ඉදිිරියේ දි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට එසේ ණය ලබා ගැනීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් වළකා ඇත.

මැතිවරණ කොමිසම පාළාත් පාලන මැතිවරණය කැදවිමත් සමග භාණ්ඩාගාරයට මුදල් නැතැයි කියමින් ආණ්ඩුව එය කඩාකප්පල් කිරීමට ගත් සෑම උත්සහයක්ම අසාර්ථක වු තැන ජනාධිපතිවරයා ඝෘජුවම තමන්ගේ බලතල යොදා ගනිමින් , මැතිවරණය වැළැක්විමේ උත්සහයක නිරත වි සිටින බව එම විචාරකයෝ පැවැසුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *