ජනාධිපති නව පොලිස්පතිවරයෙකු පත් නොකරයි , පොලිස්පති වික්‍රමරත්නට තවත් සේවා දිගුවක්

මාස තුනක සේවා දිගුවක් ලැබී ඇති පොලිස්පති සී .ඩි . වික්‍රමරත්නගේ එම සේවා දිගුවේ කාලය ජුනි මස 25 වැනිදා අවසන් වුවද නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් මෙතෙක් කිසිදු නමක් යෝජනා කිරීමක් සිදුකර නොමැති බව වාර්තාවේ .

මේ සම්බන්ධයෙන් කතානායක ජුනි 22දින අනිදිදා කරන ලද විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවැසුවේ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබි නැති බවයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ලෙස සතියකට වරක් හෝ සති කිපයකට වරක් රැස්වන අතර ජුනි 22 වෙනිදාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව තිබුණි .එදින නව පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් කිසිවක් සාකච්ජා කර නොතිබුණේ. ඒ සම්බන්ධයෙන් කිසිදු යොජනාවක් ජනාධිපතිවරයා යොමුකර නොතිබුණ බැවිනි පොලිස්පති සී.ඩි .වික්‍රමරත්න පසුගිය මාර්තු 25 දින විශ්‍රාම ගැනීමට නියමිතව සිටි අතර එම අවස්ථාවේදී නව පොලිස්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් ඔහුටමාස 03 ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකගත්වය ඇතිව ලබාදුනි .

මීලග පොලිස්පති ලෙස පත්වීම සදහා ජ්‍යෙෂ්ඨත්වය අනුව සුදුසුකම් ලබා සිටී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පවරුන් වන නිලන්ත ජයවර්ධන ,හා දේශබන්දු තෙන්නකොන් ඒ සදහා දැඩි උත්සහයක් ගන්නා අයුරු දිස් වු අතර දේශබන්දු තෙන්නකොන් මීලග පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා අනුමත කළ බවට මාධ්‍ය මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය .මේ දෙදනාට දැඩි චෝදනා එල්ල වී ඇති අතර ඒහේතුවෙන් මේ දෙදනාගෙන් අයකු පොලිස්පති ධුරයට පත් නොකර වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදුන් බව වාර්තාවේ .

නිලන්ත ජයවර්ධනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර දේශබන්දු තෙන්නකොන්ට ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

ජ්‍යෙෂ්ඨත්වය අනුව තෙන්නකොන් ඉහලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සිටින අතර ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරු වශයෙන් ඩබ්ලිව්.එල්.ඒ ..එස්.ප්‍රියන්ත පී.පී.එස් .එම් . ධර්මරත්න ,එස් .එල් .මැදවත්ත ,ඩබ්ල්ව් .කේ ජයලත් , ආර් .එල් .කොඩිතුවක්කු ,එම් .ඩි ආර් .එස් .චමින්ද සහ අජිත් රෝහණ යන අය සිටිති.

තවදුරටත් පොලිස්පති ධුරයට නව අයකු පත් නොකරන්නේ නම් වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදිය යුතු අතර නැතහොත් ජ්‍යෙෂ්ඨත්වය නොතකා නව පොලිස්පතිවරයෙකු නම් කිරීමේ හැකියාවද ජනාධිපතිවරයා සතුය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *