ජනාධිපති මාධ්‍ය අංශයට එරෙහිව මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්

ජනාධිපති ඹාධ්‍ය අංශය සේවය කරන අයකු පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමක් ගැන විමර්ශනයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් නීති,විමර්හනහා සැළසුම් විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ ,පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක වෙතය .ඒ මගින් කියා ඇත්තේ අංක 0773112573 ජංගම දුරකතනය අංකය යොදා ගනිමින් වට්ඇප් මාධ්‍ය යොදා ගනිමින් ජනාධිපති මාධ්‍ය අංශයේසේවයේ නියුතු ලසන්ත වීරකුලසුරීය මැතිවරණ සම්බන්ථයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතිබවත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබද විමරුහනයක් සුදු කරන ලෙසත්ය .

පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අසත්‍ය ප්‍රචාරයන් මාධ්‍යවෙත නිකුත් කරමින් පවතින බව මිට පෙර අනිද්දා හෙළිදරව් කළේය .

ඉදුවර බණ්ඩාර -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *