ජනාධිපති මාධ්‍ය අංශය හත්පලේ උලා ගනී

මැතිවර‍ණ කොමිසමේ සභාපතිවරයා  ඇතූළු සමාජිකයින් ඉල්ලා අස්වු බවට ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ජනාධිපති මාධ්‍ය අංශයේ මගින් ජනාධිපතිවරයා ආවරණය කරන මාධ්‍යවේදීන් වෙත නිකුත් කළ නිවේදනයක් බව අනාවරණය වේ .

මෙම මාධ්‍ය නිවේදනය එම මාධ්‍යවේදීන් හට ලබා දී ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන දැනට වසා දමා ඇති ප්‍රධාන ධාරාවේ පුවත්තක සහ විකල්ප පුවත්පතක සේවය කළ මාධ්‍යවේදියෙකි .

ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සිය ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය යොමුකර ඇති බව එම නිවෙිදනයේ සදහන් කර ඇති නිසා සමහර මාධ්‍ය ආයතන මැතිවරණ කොමිසමෙි සභාපතිවරයාගෙන් ඒගැන විමසා ඇති අතර එවැනි ලිපියක් ජනාධිපතිවරයාට තමා යොමු නොකළ බව ඔඒු පවසා ඇත.  

පසු ඒ ගැන මාධ්‍යවේදින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායකගෙන් විමසු අවස්ථාවේ ඔහු කියා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්විමේ ලිපියක් යොමු කිරීම සත්‍යක් බවත් එම ලිපිය ඔවුන් සතුව ඇති බවත්ය .

මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්විමේ මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු මැතිවරණ කොමිසමේ සමාජික පී.එස් .එම් චාල්ස් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතී බව මාධ්‍යවේදීන්ට දැනුම් දි ඇත.

ජනවාරි 25 වෙනිදා මැතිවර‍ණ කොමිසමේ සමාජික චාල්ස් ඉල්ලා අස් වු බව පලවන්නේ ඒ අනුවය . එම වාර්තාව පල වීමෙන් පසු චාල්ස්ගේ දුරකතනයට සම්බන්ධ කර ගැනිමට මාධ්‍ය මෙන් මැතිවරණ කොමිසමෙි සභාපතිවරයා උත්සහ කළ ද හැකි වි නැත. ඇයගේ දුරකතනය මේ වන විටත් පවතින්නේ ක්‍රියා විරහිත තත්වයේය.

ජනාධිපති ඹාධ්‍ය අංශය මගින් දුස් තොරතුරු මැඩලීමේ එකකයක් පවත්වාගෙන යනු ලබන අතර එහි නිල නොවන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පසුගිය යහපාලන සමයේදී පී.එස් .එම් චාල්ස්යටතේ මාධ්‍ය සම්බන්ධ රජයේ ඉහල තනතුරක් දැරූ මාඹ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු බව ද වාර්තාවේ .

ඉදුවර බණ්ඩාර – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *