ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන දේශපාලන හෙංචයියන්ට දීලා – නඩත්තුව සදහා කෝටි 14 ක් වැය කරලා

සමාලෝචිත වර්ෂය සදහා  මුල්‍ය වත්කම් අත්පත් කර ගැනීම වෙනුවෙන් වාර්ෂික අයවැය මගින් වෙන්කළ රුපියල් 176,920.000  ක් මුදලෙන් ප්‍රතිපාදනයක් රුපියල් 149.43.452ක් වියදම් කර තිබුන ද ප්‍රසම්පාදනය ගැලපීම පිළියෙල කර නොතිබු බව නිරික්ෂණ විය ඇතැයි 2022 වරෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන වාර්තාව ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති බි .ඔි .ඩි .ප්‍රනාන්දු සදහන් කරයි .

මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2023 ජුනි 02 වෙනිද ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණන්දිමේ නිලධාරීයා වන ජනාධිපති ලේකම් නිමල් එකනායකට බාර දී ඇත.

අංක 02 2020 හා 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛනයේ 04 ජේදය යටතේ කර ඇති මාර්ගෝපදේශ අංක 13  ප්‍රකාරව සම්ප්‍රාදන කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි සදහන් විධිවිධාන අනුමනය කර නැතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති පෙන්වා දෙයි .

අංක 02 -2020 හා 2022 අගෝස්තු 28 රාජය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව සියලුම දෙපාර්මේන්තු ප්‍රධානීන් විසින් තම ආයතනය වෙනුවෙන් ආදාළ වර්ෂයට යාවත්කාලීන කළ ආයතනයේ  සංවිධාන ව්‍යුහය , අනුමත කාර්ය මණ්ඩලය සහ දැනට සේවය සිටින කාර්ය මණ්ඩලය පිළිබද තොරතුරු අනුමත අයවැය පදනම් කරගත්,  ප්‍රමුඛතා අනුව සකස් කළ ක්‍රියාකාරකම් සැලැස්මක් , ,ක්‍රියාත්මක කාල රාමුව , හා එම ක්‍රියාකාරකම් වල අපේක්ෂිත නිමවුම ප්‍රතිපල වාර්ෂික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය වන මුදල් , සැලැස්ම අභ්‍යන්තර විගණන සැලැස්ම යනාදී කරුණු ඇතුළත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු වුවද සමාලෝචිත වර්ෂය සදහා චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබු බව ද එම විගණන වාර්තාවේ ඔහු සදහන් කර ඇත.

රජයේ වෙනත් ආයතනවල අරමුණුහා පරමාර්ථ ඉටුකර ගැනීම සදහා කාර්යාලය සතු වාහන වෙනත් ආයතන හා පුද්ගලයින්ට වෙත ලබා දී තිබුණුද එසේ ලබා දීමේදී ආයතනයේ අරමුනු ඉටු කිරීමට බාධාවක් වන පරිදිහා දේපොල ආරක්ෂාව තහවුරුවන පරිදි විධිමත් අනුමැතියකින් විධිමත් ක්‍රමවේදයකට වාහන පවරාදීමට කටයුතු කළ යුතු වුවද ඒඅනුව කටයුතු කර නොමැති බවත් පවරාදුන් වාහන වලින් වාහන 12 ක් නිදහස් කළ දිනයක් දක්වා නැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 53 න් වෙනත් රාජ්‍ය ආයතනවලට ,විරස්ථාන ,, ආගමික නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත නිදහස් කර ඇති අතර එම වාහන අතුරින් වාහන 27 ක් සදහා සමාලෝචිත වර්ෂය තුළ දී රුපියල් 13,695114 ක නඩත්තු වියදම් දරා ඇති බවත් එම නඩත්තු වියදම් ප්‍රතිපුර්ණය කර ගැනීමට කටයුතු කර නැතැයි ප්‍රනාන්දු විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි .

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන පමණක් නොව එම වාහන නඩත්තු කිරීම සදහා කෝටි 14 ආසන්න මුදලක් දවැය කර ඇත. මහජනයාගෙන් බලහත්කාරයෙන් අය කර ගන්නා බදු මුදල් තමන්ගේ දේශපාලන හෙංචයියන්ගේ ඔනෑඑපාකම් පිරිමහන්න නාස්ති කර ඇත.

මුදල් රෙගුලසි 110 ප්‍රකාරව හානි පිළිබද ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නැති බවත්මුදල් රෙගුලාසි 396 යටතේ නිකුත් කර මාස 06ක් ඉක්ම වු නමුත් ගෙවීමට ඉදිරපත් නොකල එකතුව රුපියල් 216078 වටනා චෙක්පත් 04 ක් සම්බන්දයෙන් කටයුතු කර නැතැයි  විගණකාධිපතිවරයා පෙන්වා දෙයි .

මුදල් රගුලාසි 891(1) හා 20220 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරණ රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව මදුල් රෙගුලාසි 15(1) යට‌තේ  ඇප තැබිය යුතු නිලධාරීන්ගෙන ඇප ලබාගැනීමට කටයුතු කර නොතිබුණු අතර ,ඇප තැබීමට අවශ්‍ය සියළුම නිලධාරීන්ගේ නම් ඇතුළත් ඇප ලේථනයක් , එක් එක් දෙපාර්මේන්තුවෙහි ප්‍රධාන කාර්යාලයේ වඩාත් මැනවින් වු ආකාරදී ක්‍රමයට පිළියෙල කොට පවත්වගෙන යා යුතු වුවත් ජනාධිපති කාර්යාලයේ ඇප ලේඛනයක් පවත්වාගෙන ගොස් නැති බවත් ඔහුට නිරික්ෂණයට හසු වී ඇත.

අග්‍රිම කළමනාකරණය යටතේ 2022 වර්සයේ වාර්ෂික ඇස්තමේන්තුව ප්‍රතිපාදන රුපියල් 3,044,420,000 ක් වුවද ජනාධිපති කාර්යාලය විසින් සැලසුම් කරන ලද අග්‍රිම ඉල්ලීම් රු.2.803,180,000 ක් බවත් එහෙත් භාණ්ඩාගාරයෙන් රු.5,457,268,000 ක අග්‍රිම ඉල්ලුම කර තිබුණු අතර එය සැලසුම් කළ අග්‍රිම වටිනාකම වඩා කළ අග්‍රිමය මාසිකව සියයට 02 සිට සියයට 304 දක්වා වැඩි වී ඇති බව විගණකාධිපතිවරයා හෙළි කරයි .

අතුරු අග්‍රිම නිකුත් කිරීම හා පියවීම යටතේඅපේෂිත වියදම් වඩාත් නිවැරදිව හදුනාගෙන නොකිරීම හේතුවෙන් අවස්ථා 42 කදී එකතුව රු 4,537,000 ක සත්කාර්යය අතුරු අග්‍රිම ලබාගෙන කාර්යයනිමවීමෙන් පසුව එකතුව රු1,878,493 ක් මුදලින් ආපසු පියවා තිබුනු අතර ,එය ලබාගත් අත්තිකාරම් මුදලින් සීයයට 41,4 ක් බවත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදල් රෙගුලාසි 371(4) පරිදි නිශ්චිතහා අවශ්‍ය නොවන කාර්යයන් සදහා අතුරු අග්‍රිම ලබාගෙන යුත වුවද , අවස්තා19 කදී එකතුව රු .1,464,120 ක අග්‍රිම මුදලක් ලබාගෙන එම මුදල කිසුදු කාර්යයකට යොදා ගැනීමෙන් තොරව දින 1 සිට 43 ක් අතර කාලයක් අත රදවාගෙන මුළු අත්තිකාරම්  මුදලම නැවත මුදලින් පියවා තිබු බවත් ඒ අතරින් මුදලින් ලබාගත් රු.50,000 ක අත්තිකාරම් මුදලක් චෙක්පතක් මගින් පියවා තිබුණු බව ද විගණනයෙදී නිරික්ෂණය වු බව විගණකාධිපති ප්‍රනාන්දු පවසයි .

මිය ගිය නිලධාරීන්ගේ වර්ෂ 4-5අතර කාලයක සිට නිහඩ පවතින පිළිවෙලින් අපදා ණය රු.99.140 ක් හා උත්සව අත්තිකාරම් රු .8.000 ක් වශයෙන් එකතුව රු.107.140 ක ණය මුදලක් සමාලෝචිත වර්ෂය දක්වා අය වී නොතිබුණු බවත් අවුරුදු 05 කට වැඩි කාලයක් සිට පැවත එන විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙකුගේ අය වීමට ඇති පිළිවෙලින් රු .144.768 හා දේපල ණය ශේෂයක් හා රු.114.655 ක ආපදා ණය ශේෂයක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අය නොවි ඇති බවත් වර්ෂ තුනත් පහත් අතර කාලයක සිට වැඩ තහනම් කරන ලද නිලධාරීන් කිපදෙනෙකුට ආදළව රු .257.927 ක අය නොවි පවතින ආපදා ණය ශේෂයක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට අය වී නොතිබු බවත් සේවය අතහැර ගොස් ඇති නිලධාරීන් 10 දෙදෙනෙකුගෙන් මාස 03 වසර 01 ක් අතර හා වසර 05 ට වැඩි කාලයක සිට අය නොවි පවතින එකතුව රු.1,054,444 ක හිග ණය ශේෂ සමාලෝචිත වර්ෂය අවසානය වන විට අය වී නොතිබුණු බවත් විගණකාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වී ඇත.

ස්ථීර ,අනුයුක්ත , කොන්ත්‍රාත් ,තාවකාලික සහ විශ්‍රාමික කොන්ත්‍රාත් වශයෙන් විධායක නිලධාරීන් 196 ක් සිටින අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මුළු සේවකයින් 946 ක් එහි සේවය කරන අතර ඔවුන් සදහා රු .1,867 ,021,543 ක මුදලක් වාර්ෂීකව පඩිනඩි සදහා ගෙවනු ලබයි . මෙපමණ සේවක සංඛ්‍යාවක් සිටියදීත් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන කොපමණද ? ඒවයේ වටිනාකම් , පාට සහ ඒවා කා හට දී තිබෙන්නේ යන්න පිළිබද සවිස්තර වාර්තාවක් නැතැයි විගණකාධිපතිවරයාගෙන් නිරික්ෂණ වලින් හෙළි වී ඇතුවා පමණක් නොව මහජන මුදල් කිසිදු කළමනාකරණයකින් හෝ සැලැස්මකින් තොරව කාබාසිනීයා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *