ජවිපෙ සහ ‌පෙරටුගාමී පක්ෂය එකම කාසීයේ දෙපැත්තයි

මහින්ද දේවගේ විසිනි

2012 වර්ෂයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවූයේ ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදි දේශපාලනයට එරෙහිව කරනු ලැබූ සංවාදයකින් පසුව බව ප්‍රකාශයට පත් කරන ලදී. ඔහුන් ජවිපෙන් ඉවත් වීමට හේතු වූ කරුණු සඳහන් කර 1978-2012 ජවිපෙ ගමන් මඟ පිළිබඳ ස්වයං විවේචනාත්මක ආපසු හැරි බැලීමක් හා අනාගතය වෙත ප්‍රවේශයක් යන නමින් පොතක් එළි දැකිවීමට කටයුතු කළේය.

1965 උපත ලැබූ ජවිපෙ පිළිබඳ 1978/ 2012 වසර 34 කට ස්වයං විවේචනය සීමා කළේ එම කාලය තුළ පක්ෂයේ නායකයාව සිටි රෝහණ විජේවීර නිසාය. පෙරටුගාමීන්ගේද දේශපාලන නිර්මාතෘ වරයා විජේවීර වීම එයට හේතුව වේ. ජවිපෙන් වෙන්වී පෙරටුගාමී පක්ෂය බිහි වීම නව වමකට අලුත් විවරයක් පදා ගැනීමක් බව පෙනී ගියත් මේ වන විට එය ප්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබේ.“නව වමක්” බිහිවීමේ ලක්ෂණ එලෙස අවධාරණය කරනු ලැබූවත් පක්ෂයේ දේශපාලන සිමාවන් අතිශය ජාතිවාදී හැඩරුවක් ගත් බව පසුව පෙනී ගියේය.

මාක්ස්වාදී මූලධර්ම පිළිබඳව නිවැරදි අස්ථානයන් නොතිබුණු අතර ජාතික ප්‍රශ්න විසදීම වැනි කරුණුවල ජවිපෙ මතවාදයෙන් පූර්ණ ලෙස වෙන් නොවූ බව දක්නට හැකි විය. මේ පිළිබඳව යම් පිරිසක් කියා සිටියේ ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය එකම කාසියේ දෙපැත්තක් බවය. පෙසපය බිහිවී වසර 10ක් ඉක්ම යන මොහොතේ පවා මෙම දේශපාලන ඌණතාවය දකින්ට හැකි අතර ඔවුන්ට ජවිපෙ දේශපාලන ජාන ලක්ෂණවලින් පූර්ණ ලෙස කැඩී වෙන් වීමට නොහැකි වූ බව පෙනී ගොස් තිබේ.
1965 ජවිපෙ බිහි වීමට පසුබ්ම සකස් වූයේ සාම්ප්‍රදායික වමේ පක්ෂ ලෙස තිබූ ලංකා සම සමාජ පක්ෂය සහ කො.ප සහ ශ්‍රී.ල.නි.ප සමඟ හවුල්ආණ්ඩුවකට ඇතුල් වීමේ ගැඔුරු දේශපාලන සංසිද්ධීයක ප්‍රතිඵලයක් ලෙස බව පසුගිය කාලය පුරා කථිකාවට බදුන් වී තිබුණි. 1953 හර්තාලයෙන් ප්‍රකාශයට පත් කෙරැනා වූ 1950 ගණන්වල කම්කරු පන්තියේ පෙරලිකාරීත්වයට වළ කැපිම සඳහා අවිස්සූ ශ්‍රීලනිපයේ සිංහල අධිපතිවාදයට ල.ස.ස.ප අනුගත වීමය.

මෙම සාම්ප්‍රදායික පක්ෂ අනුගමනය කරනු ලැබූ පන්ති සහයෝගීත්වය දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ විකෘති දේශපාලන ප්‍රපංචය වුයේ ජවිපෙ බව දකින්ට හැකි විණි. ජවිපෙ බිහි වීමේ සිට එහි පන්ති පදනම සුඵ ධනේෂ්වර වූ අතර ගැමි ගොවි සමාජ බලවේග අතර ඔවුන් දේශපාලන කටයුතු කරමින් තිබුණි.

ස්ටැලීන්වාදී කෙමියුනිට් පක්ෂයේ සාමාජිකයකු වි සිටි විජේවීර එම කණ්ඩායමෙන් ඉවත් වී ලංකා කොමියුනිට් පක්ෂය ලෙස පෙනී සිටි මාඕවාදීන් සමඟ එකතු වී කටයුතු කරන ලදී. පසුව එම පක්ෂයෙන්ද ඉවත්වී ජවිපෙ ගොඩ නැගිමට කටයුතු කළේය. ස්ටැලින්වාදය හා සිංහල ජාතිවාදයද ඔවුන්ගේ මතවාදයේ පදනම බවට පත් විණි. ජාතික විමුක්තිය හා දෙශප්‍රේමය ඔවුන්ගේ සටන්පාඨවල අන්තර්ගත විය. “ජනතා විමුක්තිය” “අධිරාජ්‍යවාදයට විනාශය”“මවිබ්ම නැතිනම් මරණය” වැනි සටන්පඨ 1971 දි කැරැල්ලට පෙර සිට තාප්ප බිත්ති වල විශාල අකුරින් ලියන්නට කටයුතු කළේය. කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය විප්ලව වාදී බලවේග ලෙස අර්ථ ගැන්වූයේ නැත. මේ නිසාම මාක්ස්වාදී මුලික පන්ති විග්‍රහයක් ඔවුන්ට නොමැති විණ.

නිර්ධන පන්තිය ලෙස ගම්බද දුගී පීඩිත බලවේග විප්ලවයේ තීරණාත්මක පන්තිය ලෙස විග්‍රහ කරන්නට කටයුතු කළේය. ඔවුන් මුල සිටම ජාතික සීමාවක් මත පදනම් වී කටයුතු කළේය. මේ නිසාම දේශියත්වයට ගැලපෙන මතවාදයක් අවශ්‍යයැයි කියමින් කරනු ලැබූ කරුණු දැක්වීම් වලින් ගම්‍ය වූයේ නිර්මාස්වාදි දේශපාලනය මුල සිටම තීබූ බවයි. ලාංකීය දේශපාලනයේ ප්‍රධාන ධනපති පක්ෂවලින් වෙන්වී කටයුතු කරන බව කියා සිටියත් මුඵ ඉතිහාසය තුළම එම පක්ෂ බලයට පත් කිරීමේ කටයුතුවලට දායක වි තිබේ. පැරණි වාමාංශික පක්ෂ අනුගමනය කරනු ලැබූ ධනපති හවුල් ආණ්ඩු දේශපාලනය ප්‍රතික්ෂේප කරනු ලැබූවත් 1980 දශකය වනවිට ජවිපෙ විවෘතව එම ධනපති පක්ෂ සමඟ එකතු වී මැති ඇමතිකම් ලබා ගැනීමට කටයුතු කළේය. 1994 චන්ද්‍රිකා බලයට පත් කිරීමට තම පක්ෂයේ අපේක්ෂකයා ඉවත් කර ගැනිමට කටයුතු කළ අතර පසුව චන්ද්‍රිකා ආණ්ඩුව සමඟ පරිවාසයකට යන්නට තීරණය කළේය.

මේ ගමන් මඟ තුළ ඉතිහාසයේ තීරණාත්ක පවාදීම කරනු ලැබුවේ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්කීරීමට ගනු ලැබූ තීන්දුවක් සමඟය. ඔවුන් එම මැතිවරණයේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ දේශමාමක බලවේගවල නියෝජිතයා බවත් රනිල් වික්‍රමසිංහ විජාතික බලවේගවල නියෝජිතයා බවත්ය. එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය පරාජය කිරිම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් කර ගන්නා ලදී.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රධාන කොටස් කරුවා බවට ඔවුන් පත්විණ. ජවිපෙ නොසිටියානම් මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට නොහැකි වනු ඇත. මෙවන් තත්වයක් තුළ වසර 75 ක ඉතිහාසයේ විනාශයට ඔවුන්ද වගකිව යුතුව තිබේ. එයින් ගැලවීමට ජවිපෙ ගන්නා උත්සාහයට කිසිදු දේශපාලන පදකමක් නොමැත. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. බෙදුම් වාදය පරාජය කිරීමට හිටපු හමුදා පතියෙකු වූ සරත් ෆොන්සේකා තම පක්ෂයේ අපේක්ෂකයා බවට පත් කර ගන්නා ලදී. මේ මගින් ඔවුන්ගේ දේශපාලන නිරුවත දකින්ට හැකිවිණ. එවන් පසුබිමක් තුළ ජවිපෙ ඉතිහාසයට එකතු වී ඇත්තේ දෙමළ ජාතිය සංහාරය කිරීමට උඩගෙඩි දුන් පක්ෂයක් ලෙසය. ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීමට හැක්කේ කෙසේද යන බරපතල දේශපාලන ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි විසදුමක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. ජාතික ප්‍රශ්නය විසදීම හැක්කේ අනාගතයේ ගොඩනගන සමාජවාදී පාලනයකින් බව පසුගිය දශකවලදී කියා සිටියේය. මේ වන විට සංවාදයට භාජනය වන 13ූ ලබාදෙන බවට කරන ලද සංවාදයේදී ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ නැත. මෙයින් පැහැදිලිවත් එම පක්ෂය තවමත් පරණ දේශපාලන ස්ථාවරයන්වල සිටින බවයි.

ජවිපෙ හා ධනපති පාලකයින් අතර තිබෙන අනියම් සම්බන්ධතා හෙලිදරව් කිරිමින් දුමින්ද නාගමුව කියා සිටියේ යුරෝපයේ දූපතක ආයෝජන කිරීම සඳහා ජවිපෙ හා ටිරාන් අලස් ගොස් ඇති බවය. මෙලෙස චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ අංශයේ පිහිට පැතීම වාමාංශිකයින්ගේ භාවිතයට ගැලපෙන්නක්ද යන්න අවධානයට යොමු කළ යුතුය.
අද අවශ්‍ය වන්නේවත්මන් අර්බුදයේදී ජවිපෙ අනුගමනය කරන දේශපාලන පිළිවෙත හෙළිදරව් කිරීමයි.ඉතිහාසයේ සෑම අවස්ථාවකම සුඵ ධනේෂ්වර පක්ෂවල පුද්ගල විවේචනය ප්‍රමුඛස්ථානයක් ගනු ලැබීය.

2009 යුද්ධයේදී පෙරටුගාමීන් සමඟ සිටින වත්මන් නායකයින් ජවිපෙ ප්‍රධාන නියමුවන් බවට පත්වී සිටියේය. එවන් තීරණාත්මක අවස්ථාවක එයට එරෙහිව පෙනීසිටීමට ඔවුනට නොහැකි විණ. ජවිපෙ හා පෙරටුගාමීන් අතර ජාතික ප්‍රශ්නයේදී ගනු ලබන ස්ථාවරය අතර බලතල වෙනස්කම් නොමැත. පෙරටුගාමින්ද කියා සිටින්නේ ජාතික ප්‍රශ්නය විසදීමට හැක්කේ සමාජවාදී පාලනයක් තුළ බවයි. ජාතික ප්‍රශ්නය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටඵවක් බවට කරන මාක්ස්වාදී විිිිිග්‍රහය මත පිහිටා කටයුතු කිරීමට ඔවුනට නොහැකි වී ඇත. පෙරටුගාමීන් වත්මන් අර්බුදයට විසදුම සාමාජවාදය බවට ප්‍රකාශ කරනු ලැබූවත් එය සාක්ෂාත් කර ගැනීමට ඉදිරි දර්ශනයක් මත පිහිටා කටයුතු කරන බවක් දකින්ට නොහැකිය. ඔවුන් ජාතික සීමාවක් මත සමාජවාදය සාක්ෂාත් කර ගැනීමට පෙනී සිටීම මගින් පෙනීයන්නේ ජාත්‍යන්තර දැක්මක් ඔවුනට නොමැති බවත්ය.

පෙසප පසුගිය වර්ෂවල ග්‍රීසියේ සිරිසා සංවිධානයට ආකර්ෂණය වී කටයුතු කළේය. සිරිසා ව්‍යාපාරයට මතවාදය ගොඩ නැගූ ස්ලේවෝයි ශීෂෙක් තම ගුරුවරයෙකු ලෙස අර්ථ ගන්වන ලදී. සිරිසා සංවිධානය පිළිබඳ ඔවුනගේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලදී උජාරුවෙන් කතා කළේය. මේ වන විට සිරිසා සංව්ධානය ග්‍රීක ධනපති ක්‍රමය ඉදිරියට ගෙනයාමට යුරෝපා සංගමයට කැපවූ සංවිධානයක් බවට පත්වී තිබේ. සිරිසා ව්‍යාපාරයට මතවාදී විග්‍රහය ඉදිරිපත් කළ“ශිෂේක්”සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ ඔහු මාක්ස්වාදියෙකු බවයි. ඒත් පැරණි කොමියුනිට්ස්ට් වාදය වර්තමානයට වලංගු නොමැති බවය. ඔහු කියා සිටියේ විප්ලවකාරී නැගිටීම් අවසාන වී ඇති අතර එයට තව දුරටත් අනාගතයක් නොමැති බවයි. වත්මන් සමාජ සංදර්භය තුළ ධනවාදී මතවාදය ජයග්‍රහණි තැනක සිටින බවද කියා සිටියේය. මේ තුළපෙසප වාර්නණාකළශිෂේක්ගේ මතවාදය මගින් පෙනී ගියේ ඔවුන් ප්‍රතිමාක්ස්වාදී ආස්ථානයන්අනුගමනය කළ බවත්ය.

කම්කරු පන්තිය විප්ලව වාදී බලවේග යන මාක්ස්වාදි කියමන ඔවුන් අනුමත නොකරති. මේ නිසා විවිධ සමාජ ස්ථරයන් ඒ සඳහා එකතු කර ගත යුතු බව කියා සිටී. කම්කරු පන්ති කොටස් ප්‍රමුඛ වැටුප් ශ්‍රමිකයන්ට ප්‍රමුඛතාවය දිය යුතු බව යන අදහසවල වෙනසක් නොමැති යයි කියා සිටියත් ඒ සඳහා එක් කර ගත යුතු නව බලවේගයන්ගේ ස්වභාව ද්‍රව්‍යමය සමාජ විඥාණයට අදාල ශක්‍යතාවක් හදුනාගත යුතු බව කියා සිටියේය.
පෙසප මේ සමාජ බලවේගයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් නොකරති. එහෙත් කම්කරු පාන්තික සමාජ ස්ථාාවයන්වන වෘත්තීය වේදීන් මධ්‍යම පාන්තික කොටස්වල අධිකාරණයට ගැටගැසීම ඔවුනගේ භාවිතය ලෙසට දකින්ට හැකිය. මේ නිසාපෙසප පන්ති පදනම සුඵ ධනේශ්වරය බවට තහවුරු වී ඇත. ඔවුන් පදනම් වන්නේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂය ව්‍යාපාරය තුළය. පෙසපට ගැඹුරු දේශපාලන ඉදිරි දර්ශනයක් නොමැති බව පසුගිය අරගල සමයේදී දකින්නට හැකිවීණ.ඔවුන් එම අරගලයේදී දියවන්නාවෙන් එහාට බලයක් යයි සටන්පාඨ ඉදිරිපත් කරනු ලැබූවත් එය භාවිතයට ගැනිමට කිසිදු වැඩ පිළිවෙළක් නොමැති බව දකින්නට හැකි විණ.

ජවිපෙ හා ජාතික ජනබල වේගය පසුගිය දශක කිහිපය පුරාම ජවිපෙ විවිධ බහුජන සංවිධාන ස්වරූපයක් ගොඩනගා ගනිමින් විවිධ සමාජ බලවේග ඒකරාශී කර ගැනීමේ උපායන් අනුගමනය කළේය. ඔවුන් දේශපාලන උපතේ සිට දේශප්‍රේමය ආත්මය කරගත් ව්‍යාපාරයක් බවට පත් වී තිබුණි. ඔවුන් ආමන්ත්‍රණය කළේ දේශප්‍රේමී ජනතාවටය. 1980 දශකයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙස කටයුතු කරමින් අනුගමනය කරනු ලැබූ දේශපාලන විධික්‍රමය ප්‍රතිවිප්ලවකාරී හැඩරුවක් ගනු ලැබුවේය. වෘත්තීය සමිති නායකයින් ඇතුඵ සාමිප්‍රදායික පක්ෂවල ක්‍රීයාදරයන්ට මරණ වරෙන්තු ලබා දෙන බව ප්‍රකාශයට පත් කළේය. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වන්නන් ජාතිද්‍රෝහීන් ලෙස ප්‍රකාශ කරමින් ඔවුන් ඝතනය කිරීමට කටයුතු කළේය.
වත්මන් ජාතික ජනබල වේගය මැතිවරණවලට ඉදිරිපත් වීම සඳහා ගොඩ නැගූ සංවිධානයක් බව දකින්නට හැක. මෙමගින් පොදු සංවිධාන රූපයක් වටා ජනතාව පෙළ ගස්වා ගැනීම ජවිපෙ දේශපාලන උපායක් බවට පත් වී තිබේ. ජවිපෙට එකවර ගැනීමට නොහැකි පිරිස් ඒකරාශි කර ගැනීම මෙහි අරමුණ වේ. ජාතික ජනබලවේගය යන නම උපායිකව පාවිච්චි කරමින් ජවිපෙ එහි සංවිධාන යාන්ත්‍රණය හසුරුවනු ලැබේ. ඔවුගේ එකම දේශපාලන ඉලක්කය මැතිවරණයක් ලබා ගැනිමය. කල්දැමූ පළාත් පාලන මැතිවරණය “කොක්කෙන් හෝ කෙක්කෙන් ”ලබා ගන්නා බව අනුර කුමාර කියා සිටියේය. එකී ප්‍රකාශවලින් කළේ තම සාමාජිකයින්ට නව බලාපොරොත්තු ඇති කිරීමට කටයුතු කිරීමයි. පළාත් පාලන මැතිවරණය ඉල්ලා කොළඹ කැඳවූ උද්ඝෝෂණයේදී අපේක්ෂකයකු මිය ගියේය. එම මිය ගිය අපේක්ෂකයාගේ මරණය ඉතාම සාමකාමී ලෙස මිහිදන් කිරීමට කටයුතු කළේය. සුදු වස්ත්‍රාභරණයෙන් සැරසුනු ජවිපෙ නායකයින් එම මරණයට දේශපාලන ගෞරවයක් හෝ ලබාදීමට කටයුතු කළේ නැත. මේ මගින් ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බව රට ඉදිරියේ ප්‍රදර්ශනය විය. ඔවුන් සාමකාමී පක්ෂයක් ලෙස රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් වෙළඳපොළ බලවේග මත පදනම් වී ධනපති ව්‍යාපාරකින්ගේ අනුකූලත්වය මත පක්ෂ ව්‍යුහය ගොඩ නැගීම එකම අපේක්ෂාව බව දකින්නට හැකිවේ. බටහිර තානාපතියරුන් හමුවෙමින් ජාත්‍යයන්තර සහයෝගය ලබා ගැනීමටද කටයුතු කරමින් සිටී. මේ මගින් අනුර කුමාර විකල්ප ධනපති පන්තියේ අපේක්ෂකයා බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටී.

ජවිපෙ මැතිවරණයකින් බලය ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීම පහසු නොවනු ඇත. ප්‍රාග්ධනය හිමි පන්තියේ පොදු අනුකූලත්වය ගැනීමට ඔවුනට පහසු මගක් නැත. ඉතිහාසය ඔවුන්ගේ දේශපාලන භාවිතය නිසා දේපළ හිමි පන්තිය බලන්නේ සැක සහිතවයි. 1919 ජනාධිපත්වරණයේදී මවා පෑ සමාජ බලය ඡන්ද ප්‍රතිඵලවල් වලින් දකින්නට නොහැකි විය. තම පිරිස් බලය මවා පෙන්වීමට ජවිපෙ දක්ෂ වී තිබුණි. 1982 විජේවීරගේ ජනාධිපතිවරණයේදීද මෙය හොදින් ප්‍රදර්ශනය විණ. දිගින් දිගටම පෙනී ගියේ මැතිවරණයේදී බහුතර ජනතා කැමැත්ත දිනා ගැනීමට ඔවුන්ට නොහැකි බවය. අවම වශයෙන් මැතිවරණය පවත්වන ලෙස පාලකයින්ට බල කිරීමේ ව්‍යාපාරයක් ගොඩ නැගීමට ද ඔවුනට නොහැකි වී තිබේ.

මැතිවරණය තම එකම දේශපාලන විසදුම බවට පත් කරමින් කටයුතු කරන ජවිපයට තම අරමුණු අසාර්ථක කර ගැනීමට නෙහෙැකි වීම නිසා ඔවුනගේ අනාගතය අදුරු වනු ඇත. පවතින නව ලිබරල් ආර්ථිකය වඩා හොදින් කළමණාකරණය කිරීම හා වංචා, හොරකම්, දූෂණ නැති කිරීම මගින් අර්බුදයට විසදුම් ලබා දීමට හැකි බවට කරන ප්‍රකාශවල කිසිදු වලංගුතාවයක් නොමැත. ධනපති ක්‍රමයේ ආවේණික ලක්ෂණයක්ව පවතින වංචා සොරකම් දූෂණ ඉතිහාසයේ දිගින් දිගටම දකිනිට ලැබුණි. එවන් තත්ත්වයක් තුළ ජ.ජ.බ ඉදිරිපත් කරන මතවාදයේ බංකොළොත් බව ප්‍රදර්ශනය වී තිබේ. නිමක් නොවන පවත්නා අර්බුදයට ධනපති සීමාවක් තුළ විසදුම් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. ජවිපෙ ඉදිරිපත් කරන ජාතිකආර්ථිකය ගොඩ නැගීම 1970 දශකයේදී ක්‍රියාවට නැගීමට උත්සාහ කළේය. ධනේශ්වර නොවන සංවර්ධන මාවත ලෙස එය අර්ථ ගන්වමින් ක්‍රියාවට නැගුවේය. එමගින් අර්බුදයට විසදුම් ඉදිරිපත් කරන්නට නොහැකි විය.

ජවිපෙ වත්මන් අර්බුදයට පිළිතුරු ලබා දිමට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ ඉතිහාසයේ කිහිප වතාවක් භාවිතයට නගා තිබුණි. මේ සිය`ඵ ප්‍රයන්තයන් අසාර්ථක වී ඇති පසුබිමක් තුළ ගැඹුරු සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් පෙනි සිටීම හැර වෙනත් මාවතක් නොමැති බව පෙනී ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed