ජාතික ආණ්ඩුවට විපක්ෂය නැහැ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමට ආදාළ එකගතා අප්‍රේල් 25 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම එකගතා ක්‍රියාත්මක කිරීම සදහාජාතික ආණ්ඩුවකට ආරාධනා කර ඇත්ත‌ේ , විපක්ෂ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිසිවක් මෙතෙක් ඒ සදහා තැමැත්ත පල කර නැත.

විපක්ෂය නායක් සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් ඹාධ්‍යයට කියා ඇත්තේ අගමැතිකම බාර ගැනීමට හෝ ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් කිසි සාකච්ජාවක් කර නැති බව හා එවැන්නක් කරන්නේ ද නැති බවය .එමෙන්ම නිදහස් ජනතා සභාව වෙනුවෙන් ඩලස් අලහප්පේරුම මන්ත්‍රීවරයා ද කියා ඇත්තේ ඔවුන් ජාතික ආණ්ඩුවකට එක් නොවන බව පැහැදිලිවම කියා ඇත.

සමගි ජන බලවේගය සමග කටයුතු කරන මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා ඇත්‌තේ ඔහු හෝ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ජාතික ආණ්ඩුවට එක නොවන පවයි .

මේ සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ මන්ත්‍රී සානික්කියන ආසමානික්කම්ගේ කරන ලද විමසීමකදී පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට ඒ මගින් හැකි නම් ඒ ගැන සලකා බැලිය හැකි බවය .

මේ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් කළ විමසුමකදී පැවසුවේසුවේ ජාතික ආණ්ඩුවකට යෑමට කිසිම බලාපොර‌ෝත්තුවක් නැති බවයි. අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගෙන් කළ විම විමසීමේදී පැවැසුවේ දැනට එවැනි සාකච්ජාවක් නොමැති බවත් ආරධනාවක් ලැබුනොත් ඒ ගැන සලකා බලන බවත්ය .

ලසන්ත රුහුණ / තරිදු හර්ෂණ අමරසිංහ – අනිද්දා පුවත් පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *