ජාතික නිදහස් උළෙල කතෝලික සභාව වර්ජනය කරයි

පෙබරවාරි 04 වෙනිදා පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින සැමරුම් උළෙලට කතෝලික සභාව නියෝජනය කරන කිසිවෙකු සහභාගි වන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිිිණි පියතුමා පවසයි .

රටේ ආර්ථිකය හා නීතියේ ආධිපත්‍ය බිදවැටි ඇති මොහොත සැමරීමට ඇති අභිමානවත් නිදහස් කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරන බවද පියතුමා සදහන් කළේය .

රට ආර්ථික වශයෙන් බංකොලොත් වි ඇති ,අර්බුදකාරි අවස්ථාවක අධික මුදලක් වැයකොට ලුහුනිදහස් උත්සවයක් පැවැත්වීමට ජනතාවට ඒරෙහිව කරන මහා අපරාධයක් හා නාස්තියක් බව ද ගාමිණි පියතුමා පැවැසීය .

සිරිල් ගාමිණි පියතුමා එසේ පැවැසුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ දී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය .ජනාධිපතිවරයා පවසන පරිදි 75 වනනිදහස් උත්සවය අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටමේ සා මුදල් කන්දරාවක් වැය කිරිම සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩිලෙස විරුද්ධවනබවද පියතුමා කිවේය .

පසුගිය 75 වන වසර පුරාවට රට බංකොලොත් භාවයට ඇද දැමු , සියලුම දේශපාලන පක්ෂ වැරැදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් රටේ සම්පත් මංකොල්ල කෑ සියල්ලන්ගේ තාරාතිරමක් නොබලා නීතිය හමුවට ඉදිරිපත් කර ,ජනතා මුදල් ආපසු අය කර ගැනීමත් බදු මුදලු නොගෙවා ඇති දුෂිත ව්‍යාපාරිකයන්ගෙන් එම බදු මුදල් අයකර ගත් පසු 75 වන සැබෑව නිදහස සැමරිය හැකි බව පියතුම පෙන්වා දුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *