ජා.මු.අ.ණය කන්දෙන් ලංකාව ගිනිකන්දක

Sri Lanka is a volcano from the debt mountain of the International Monetary Fund

බඩු මිලත් අහස උඩට නැගිමත් සමඟ තුන් වේලකාපු ජනතාවක් අඩුම තරමේ එක වේලක් පවා කා ගත නොහැකි තත්වයකට පාලකයෝ ජනතාව අර්බුදයකට ඇද දැමුහ.

ජිවත් විමට ඇති අර්බුදය,හෙට දවසක් නැති ජන ජිවිතය ලංකීය පොලොවේ දෝංකාරය කියාපාමින් සිටින මොහොතක බඩගින්නට එරෙහි අරගලය කළ මිනිසුන් එක එකා දඬයම් කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශපලන නඩය තව තවත් ණය උගුලකට රට ඇද දැමීමට සැරසෙන මාර්ගය ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ලබා ගැනීම හදුන්වා ගත හැකිවේ .

ශ්‍රී ලංකා ජ.මු.අ. වෙතින් ඉල්ලුම් කළ ණය මුදල ඩොලර් බිලියන 3200 කි . එහෙත් ලැබුණේ ඩොලර් බිලියන 2.9 ක ප්‍රමානයකි . එය ඉල්ලූ ණය මුදලෙන් ඩොලර් මිලියන් 300 යක අඩුවිමකි. එමෙන්ම මෙම ණය ලබාදීමේ ස්වරූපය ගැන පැහැදි කළ මහා බැංකුව අධිපතිවරයා පැවසුවේ මෙය දිර්ඝ කළ සමිපස්ථ ණය පහසුකම් යටතේ ලබා දුන් ණය මුදලක් බවය . ශ්‍රී ලංකා මිට පෙර 2016 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත් සමීපස්ථ ණය මුදල තවම නොපියවු හෙයින් ණය ගැටලුව තවත් අර්බුදයක් බවට පත්වනු ඇත.

එය එසේ වන්නේ මෙම ගත් ණය මුදල් පියැවිමේදී පෙර නොගෙවු ණයත් සමඟ ගෙවීමට සිදුවීම තුලින්‍ ය. ගත් ණය මුදල මත පමනක් පොලි අනුපාතය 1.5 % ක් වුවත් නොපිය වුණ ණය මුදල සමඟ පොලි අනුපාතිකය 3% දක්වා ඉහල යනු ඇත .දැනටමත් ණය ගෙවාගත නොහැකි රටක් ලෙස ලංකාව අවධානම් කලාපයක පවතින අතර මෙම ණය වාරික පියවා ගැනීමට නොහැකි වුවහොත් සිදු වන්නේ ලංකාව අසාදුගත(Blak list) ලේඛනයට ඇතුල් විමයි. එය මේ මොහොත වන විට වියට්නාමය ,කාම්බෝජය සහ ලාඕසය යන රටවල් අත් විදිමින් සිටියි . එසේ අසාදුගත වන රටවල් වලට කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් මුදල් ගනුදෙනු කළ නොහැකි තත්වයකට පත් වන්නට සිදු වේ .

අනෙක් පසින් මෙම ණය මුදල ලබා දෙන ලද්දේ විදේශ සංචිත වර්ධනය කර ගැනීන සඳහයි . එනම් ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදය පියවා ගැනීම සඳහා දෙන ලද ණය මුදලකි . එබැවින් මෙම ණය මුදල රාජය වියදම් සඳහා යොදවා ගැනීමට ආණ්ඩුවට කිසිසෙත්ම ඉඩ නැත . ඒ නිසාම ආණ්ඩුව තව තවත් ආයතන හා වෙනත් ක්‍රම මගින් ණය ලබා ගැනීමට සිදුවේ .

එය තවදුරටත් ණය උගුලක හිරවීමක් ලෙස හදුනා ගැනීමට හැකිය . එමෙන්ම ආණ්ඩුවට ඇති එකම තුරුම්පුව වන්නේ බදු ආදායමයි .බදු බර වැඩි කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති තත්වයකට ඇද වැටිම තුලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අනිකුත් උපකරණ වල සිඝ්‍ර ලෙස මිල ඉහල යැම සිදු විම වැළැක්විය නොහැකි වනු ඇත . ගෙවුම් ශේෂ හිඟය අවම කර ගැනීම උදෙසා මෙම ණය මුදල ලබා දුන්නත් ලංකාව හිර වී තිබෙන අර්බුදයේ ස්වරූපය අනුව මෙකි ණය මුදල හරහා කළ හැකි කිසිවක් නොමැති බව පසක් වී ඇත .

අනෙක් පසින් නැගී එන ජන පිඩනය දිනෙන් දින වැඩි වන අතර මෙය සමහන් කර ගැනීම උදෙසා ජා.මු.අ. උපදෙස් ඇතිව සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ , ලංකාව තවදුරටත් දාරිතාවයේ ගිලෙන් ගිල්ලවන කොන්දේසී සමඟය . දැනට පවතින සම ෘද්ධිය සහනාධාරය සංශෝධනය කරමින් දාරිතා පවුල් ලැයිස්තු ගත කොට හදුනා ගැනීමක් සිදු කිරීමට සැලසුම් කොට ඇත .මෙහි දී දාරිතාවයේ ප්‍රමානය අනුව පවුලක් සඳහා ලකුනු ප්‍රමානයක් ලබා දෙන අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුරුවක ප්‍රදර්ශනය කෙරේ .

මෙම යෝජනා මගින් ලංකාවේ කඩා වැටීම පිළිබඳ ඇනුවත් ච්ත්‍රයක් අපට මැවෙන බව නම් පැහැදිලිය .එසේම රජයේ පාඩු ලබන ආයතන විකිණීමටත් රාජ්‍ය සේවය දැවැන්ත කප්පාදුවකට ලක් කිරීමත් රජය යෝජනා කරමින් සිටි .මේ මගින් ඇති කරන සමාජ පීඩනය අති මහත් අර්බුදයක් නිර්මානය කරන අතර මර්දනය හා මිලිටරිකරණය මත රට පවත්වා ගැනීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැතිවේ .

කෘත්‍රිම ලෙස ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට උත්සාහ කිරීමත් නිසා සමාජ ජිවිතය හාජන ජිවිතය සමානය තත්වය දෙදෙරා යන අතර එය වැළැක්වීමට මිලිටරිකරණය යොදා ගැනීමට උත්සහා කිරීම තුල රට සිවිල් යුද්ධයකට ඇද වැටිමේ තර්ජනයක් පවති . එය එසේ සිදු වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක අධිරාජ්‍යවාදයේ බලපෑම මත හයිටි රාජය මුණ දෙන්නට සිදු තත්වයට ලංකාවට ද මුහුණ දෙන්නට සිදු වනු ඇත . එය වැළැක්විය නොහැක .

සජිත් ශ්‍රී ලක්මාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *