ජැක්සන් ඇන්තනී ප්‍රතිගාමී කදවුරක සිට ගත්තත්, රැකගත යුතු ශිල්පියෙකි

ශාන්ත විජේසුරිය විසිනි

රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී අද ජිවත්ව සිටින්නේ කොළඹ ජාතික රෝ හලේ දැ ඩි සත්කා ර එකකයේ, වෙන්ටිලේ ටරයක් ආධාරයෙනි. ඔහුව තවදුරටත් වෙන්ටිලේටරයක් මාර්ගයෙන් තබා ගන්නවා ද නැද්ද යන සංවාදයක් නැවත වටයකින් සමාජ මාධ්ය තුළ ඉස්මත්තට පමිණ ඇත .
ඇන්තනී යනු රංගන ශීල්පියෙක් පමනක් නොව චිත්‍රපට අධ්‍යක්ෂකවරයක් හා දක්ෂ නිවේදකයෙකි .

සමහරු පවසන්නේ අවූරුද්දකට ආසන්න කාලයක් වෙන්ටිලේටර්යක් අධාරයෙන් ජිවත්ව සිටින ඇන්තනී තවදුරටත් එසේ තබා ගැනීමෙන් පලක් නැතිනම් එම අවස්ථාව වෙනත් අයෙකුට ලබාදිය යුතු බවයි ,
තවත් සමහරු පවසන්නේ ජැක්සන් කියන්නේ ශ්‍රි ලංකීය කාලාවේ අන්‍යන්‍යතාවය මෙන්ම ජා තික වස්තුවක් නිසා වෙන්ටිලේටරය ආධාරයෙන් ඔහුව තබා ගත යුතු බවත් වෙන්ටිලේටරය ගලවන්නැයි පැවැසීම මිලේච්ජ මෙන්ම ගොත්‍රික ක්‍රියාවක් බවයි .
ඇන්තනීට සවිකර තිබෙන වෙන්ටිලේටරය ගලවනවා ද නැද්ද යන්න තිරණය කළ යුත්තේ මුහුණු පොතේ සිදු කෙරෙන සංවාද , ලයික් ,කොමෙන්ස්ට් වලින් නොවන බවත් ඇන්තනීගේ හෝ වෙනත් ඔනෑම මනුෂයෙකුගේ ජිවිතය සම්බන්ධයෙන් ඒවැනි බරපතළ තිරණගත යුත්තේ වෛද්‍යවරුන් බව ඉරේෂාන් ජයවර්ධන සිය මුහුණු පොතේ සටහනක් තබමින් සදහන් කරයි . ජයවර්ධනගේ මුහුණු පොතේ පල කර තිබු සටහන කලාකරුවන්, පහල මධ්‍යම පාන්තිකයන් මෙන්ම සමහර ව්‍යාජ වාමාංශික හාදයෝ ද shere කර තිබුණි . ඇන්තිනීට ඔහු ආසක්ත වුයේ රංගන ශිල්පියෙකු නිසා ද සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු නිසාද නැතිනම් රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂකයෙකු නිසා ද යන්න ජයවර්ධන සෘජුව ප්‍රකාශ නොකළ ද සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු විම සහ රාජපක්ෂ රේජීමය ආරක්ෂාකයෙකු විම යන්න නම් පැහැදිලිය . තමන්ගේ පෞද්ගලික පටු ලාභ අරමුණු සදහා ඉතිහාසයක් විකෘති කළ ඇන්තිනී ඔහුට අනුව අනෙකුට පසු කළ නොහැකි ඉතිහාසඥයෙකි .


2022 ජුලි 02 වෙ නදා ඇන්තනී ඇතුළු තවත් දෙදනෙක් අනුරාධපුර සිට කොළඹට වාහනයකින් පැමිණෙද්දී ,තලාව හතරේ කනුව අසල දී එම වාහනය පාර හරහා ගමන් කළ වල් අලියෙකුගේ ඇගේ වැදී එම අනතුර සිදු වී ඇත. ඔහු ගමන් කළ වා හනය වේ ගයෙන් පැමිණ ඇති අතර වාහනය අලියා ගේ වැදිමෙන් පසු අලියා වහනය උඩට වැටි තිබේ . ඇන්තනීගේ තත්ත්වය බරපතළ වි ඇත්තේ වාහනය අලියාගේ වැදීමෙන් නොව වාහනය උඩට අලියා වැටිමන්ය.
ඇන්තනීට සවි කර තිබෙන වෙන්ටිලේටරය ගැලවිය යුතු හෝ නොගැලවිය යුතු යන සංවාදයේ පාර්ශ්වයක් ගන්නවාට වඩා ඒවැනි සංවාදයක් මතු වීමට බලපෑ වෛෂික තත්වයන් හදුනා ගත යුතුයි.
කොළඹ ජාතික රෝහලට අවශ්‍ය ප්‍රමානවත් වෙන්ටිලේටර තිබුණා නම් ඇන්තනීගේ ප්‍රශ්නය මේ ආකාරයෙන් පැනනගින්නේ නැත. ඔහුට සවිකර ඇති වගීයේ වෙන්ටිලේටර දෙක තුනකට වඩා කොළඹ ජාතික රෝහලේ නැති බව වෛද්‍යවරු පවසති .

කෝවිඩ් 19 වංසගත සමයේ ලංකාවේ ආණ්ඩුව මෙන්ම එක්සත් ජනපදය , මහ බ්‍රිතාන්‍ය සහ ඉතාලිය ධනපති ආණ්ඩු කම්කරු පිඩිත මහජනයාගේ සෞඛ්‍ය නංවාලීම සදහා සිදුකර තිබු කැපවිම් බරපතළ ලෙස හෙළිදරව් විය .

කෝ විඩ් 19 වසං ගතය ලෝක පරිමාන ප්‍රපංචයකි . ලංකා ආණ්ඩුවත් ලෝක ධනපති ආණ්ඩුත් මහජන
සෞඛ්‍ය ආරක්ෂණ වැඩ පිළිවෙලත් අතහැර දමා , සිතා මතා කම්කරු -පිඩිත මහජනා වසංගතයට ගොදුරු කළේ ය . එම පිළිවෙත් අතහැර දැමීම හේතුවෙන් එක්සත් ජනපදයේ පමනක් මිලියනකට වැඩි ප්‍රමානයක් මිය ගොස් ඇති අතර ලෝකය පුරා මිලියන 6,507,033 ක් මරණයට පත් වි තිබේ .
2022 ජුනි මාසයේ නිකුත් කළ විගණකාධිපති වාර්තාව අනුව 2023 පලමු කාර්තුවේ තුළ වෛද්‍ය උපකරණ සදහා වියදම ආසන්න වශයෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව බිලියන 12.4 කින් බිලියන 6.4 ක් දක්වා කපා හැර ඇති අතර අගොස්තු 30 වෙනිදා නිකුත් කළ අතුරු අයවැයෙන් සෞඛ්‍ය සදහා ඉදිරි මාස හතර සදහා‌ වෙන්කර ඇති මුදල
රුපියල් බිලියන 16.4 ක සොච්චම් මුදලකි .

මෙතරම් භායනක ව්‍යවසනකාරී වසංගතයක් හමුවේ සෞඛය සදහා වෙන්කර ඇති වියදම් කප්පා දුවෙ න් පෙ න්නුම් කරන්නේ කම්කරු පිඩිත මහජනයා ගේ ජිවිත කෙරෙ හි ධනපති ආණ්ඩුව දක්වන නරුමත්වයයි .
කෝවිඩ් 19 වැළදුණු රාගම රෝහලේ වෛද්‍යවරයකු අසාධ්‍ය වූ විට අවශ්‍ය වූ වර්ගයේ වෙන්ටිලේටරයක් තිබුනේ කරාපිටිය රෝහලේ ම පමණී. එම වෛද්‍යවරයා කරාපිටියට රැගෙන ගියත් ඒ වන විට වෙනත් රෝගියෙකු සදහා වෙනත් රෝගියෙකු එම යන්ත්‍රයේ ප්‍රතිකාර ලබමින් සිටි නිසා වෛද්‍යවරයාගේ ජිවිතය අහිමි වූයේ ය.
වෛද්‍යවරයෙකුට වෙන්ටිලේටරයක් නොමැති නිසා ජිවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදු වු තත්වයක් තුළ කම්කරු පිඩිත
මහජනයා මුහුණ දීගෙන සිටින තත්වයේ රුදුරු කම එළිමහනට කාන්දු විය.
ධනපති ආණ්ඩු මිණි කදු ගැහෙද්දී වගේ වගක් නොමැතිව බලා සිටියේ තවත් ඔලු යද්දේන් යැයි අපේක්ෂාවෙන්ය .

ඇන්තනීගේ ප්‍රශ්නයේ සැබෑ තතු පැනනගින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ කප්පාදු පිළිවෙත් අනුව යමින් ධනපති ආණ්ඩු නිදහස් සෞඛ්‍ය සේවයේ අඩුපඩු කපා දැ මීමේ මරලතෝ නියයි .

ධනපති ක්‍රමය අර්බුදයට යද්දී , කම්කරුවන් විසින් අතීතයේ සටන් කර දිනාගත් අයිතීන් සහ වරප්‍රසාද කප්පාදු නොකර ධනපති ආණ්ඩු වලටපැවැතිය නොහැක . පසු කාලයේ ඇන්තනී රංගන ශීල්පියෙකුටත් වඩා ප්‍රසිද්ධ වුයේ පසුගාමී ,වර්ගවා දී සහ චෞර පවුලක් රජ කිරීමට කැපවු ගොබෙල්ස්වරයෙකු ලෙසින්ය . අවුරුද්දකට ආසන්න කාලයක් ඇන්තනීව කො ළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ රදවා ගැනීම පිටුපස දේශපාලන බලපෑමක් නැතැයි තර්ක කළ නො හැ කිය .
මෙ ම සැ බෑ තතු වසන් කිරීම සදහා ඇන්තනී වටා රෝක් වි සිටින බංකොලොත් මධ්‍යම පාන්තිකයින් පිරිසක් වෛද්‍යවරුන් අතින් සිදු වු අත්වැරදීමක් නිසා ඔහුලේ මොළයේ ස්නායු මැරි ඇති බවත් එම වැරැද්ද පියවා ගැනීම තනීව රෝහලේ තබා ගැනීමට ඉඩ දී ඇතැ යි සමාජ මාධ්‍ය තුළ මතයක් පතුරුවා හරිති .


ඇන්තනී තත්වය බරපතළ ද ඔහු නැවත යථා තත්වයට පත් කළ හැකිද? ඇන්තනීව යථා තත්වයට පත් නොහැකිව තිබියදී ඔහුව දැඩිසත්කාර එකකයේ රදවා සිටින්නේ දේශපාලන බලපෑම් මතද? නැතිනම් වෛද්‍යවරුන් අතින් සිදු වු වරදක් මතද? යන්න මේ රටේ කම්කරු -පිඩිත මහජනයා ට දැ න ගන්නට අයිතියක් ඇත. මක්නිසාදයත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වගෙන යන්නේ කම්කරු-පීඩිත මහජනයාගේ ලේ දහඩියෙන් වන හෙයිනි.
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර එකකයේ ඇත්තේ වෙන්ටිලේටර 04 ක් පමනක් බවත් එම රෝ හලේ දැඩිසත්කාර එකක පිරී ඇති නිසා හදිසි ප්රතිකා ර ලබා දිය යුතු රෝ ගීන් වෙ නත් රෝ හල් කාරා රැගෙන යන බව ලියුම්කරු කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සමග කළ සාකච්ජාවකදී හෙ ළි විය .
කාලයකට පසු බිහි වු විසල් කලාකරුවෙක් ,ජාතික වස්තුවක් අරවාට දක්ෂයි , මේවාට දක්ෂයි , ඔහු ඉතිහාසඥයෙක්,ඒ නිසා ඇන්තනීට දැඩිසත්කාර එකකයේ ඔනෑම කාලයක් වුව ද තබා ගත්තාට ප්‍රශ්නයක් නැතැයි යන අදහස සමහරක් මධ්‍යම පාන්තිකයින් පුහුණු පොතට ලියා ඇති වට්ටෝරු වල සදහන් වෙ යි .ඇන්තනී සුවිශේ ෂී පුද්ගලයෙකුටත් වඩා මනුෂ්යයෙකු ලෙස සලකා ඔහු ජිවත් කළ හැකිනම් ජිවත් කළ යුතුය .ඒ අයිතිය ඇන්තනීට පමනක් නොව මේ රටේ සියළු මහජනතාවට ද ඇත.

2019 කෝ ව්ඩ් 19සං ගතය පැතිරයත්ම, කටුවා වල යුදහමුදා රෝහල ඇතුළු රෝහල් කිපයක සුඛෝ පභෝ ගී දැඩිසත්කාර එකක ඇමතිවරුන් ඉහල ධනකුවේරයන් සහ ඔහුන් ගේ හෙං චයියන් සදහා සුදා නම් කර තිබුණි . අප ජිවත් වන්නේ පංති වලට ඉරිතැලි ගිය පංති සමාජයකය . එහි ආධිපත්‍යදරන්නේ ධනපති පංතියයි . අනෙ ක් ප්‍රධාන පංතිය වන්නේ
කම්කරු පංතියයි. අප ජිවත් වන්නේ පුද්ගලික දේ පල මත පදනම් වු ධනපති සමා ජ ක්රමයකය.පුද්ගල නිදහසට, පුද්ගලික ප්රතිරූ ප වලටසහ පුද්ගල වන්දනා මා නයන්ට සුවිශේ ෂී තැ නක් ධනපති සමාජයේ හිමි වේ . ඇන්තනී කාලයකට පසුව බිහි වු සුවිසල් පොරක් සහ ජාතික වස්තුවක් වගේ කතා පැනනගින්නේ පුද්ගලික දේපල සම්බන්ධතා වල දෘෂ්ටිවාදය යැටියටය . ධනපති දෘෂ්ටිවාදය මගින් නිෂ්පාදිත මධ්‍යම පාන්තික මනෝගතීන් අතුගාදැමීය කළ හැක්කේ ධනපති ක්‍රමය විස්ථාපනය කිරිමෙන්ම පමණි .
ඇන්තනී යනු බොහෝ හැකියාවන් ඇති කලා කරුවෙකි . ඒගැන විවාදයක් නැත . ඇන්තනී යනු ලංකීය කලාවේ සලකුණ, කලකට පසු බිහි වු සුවිසල් කලාකරුවෙකු සහ ජාතික වස්තුවක් යන කතා මධ්‍යම පන්තික මනෝවිකාරයන් මිස යථාර්ථය එය නො වේ . පිටපත තිලක්
ජයරත්නයනගේ ,ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල ටෙලි කෘතියේ ඔහු විශීෂ්ට රංගනයක නිරත විය.එහෙත් ඔහු ඉක්මයවා යා නො හැකි රංගන ශිල්පියෙක් නො වේ. චිත්‍රපට රචනයේ දී හෝ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු විශේෂයෙන් කළ දෙයක් නැත. ඉතිහාසය සම්බන්ධයෙන් සැලකුවහොත් එය විකෘති කිරීම මගින් ඉතිහාසයට කළ හැකි ලොකුම අපරාධය දැනුවත්ව කළ කෙනෙකි.
ජෝ අබේවික්‍රම අතිවිශීෂ්ට රංගන කුසලතා යන්ගෙන් හෙබි ප්‍රතිභාසම්පන්න කාලාකරුවෙකි . පතිරාජ අධ්‍යක්ෂණය කළ සොල්දාදු උන්නැහැ සහ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ පුරහද කළුවර අබේවික්‍රමගේ රංගනය කුසලතාවය උතුරා ගිය සිනමා කෘති දෙකකි. හෙළ සිනමාවේ ශක්විති ලෙස හැදින් වු ගාමිණි ෆො න්සේකා රවින්ද්‍රරන්දෙණිය සහ අමරසිරි කලංශූරිය අතිවිශීෂ්ට කලාකාරයෝ වෙ ති .
ජෝ අබේවික්‍රම සහ ගාමිණි ෆොන්සේ කා එක්සත් ජාතික පාක්ෂීකයෝ වෙති . ෆොන්සේකා හිටපු කතානායකවරයෙකු මෙන්ම උතුරු පළාතේහිටපු ආණ්ඩුකාරවයෙකි.

එජා ප යනු කම්කරු පිඩිත මහජනයා ට වු හතුරු පක්ෂයකි . 1988 -89 මේ රටේ තරුණයන් 60 .000 එජා පය මරා දැමුවේ ය. 1980 ජුලි වර්ජකයින් ලක්ෂයක් දොට්ට දමන ලදි . 1983 සිංහල කම්කරුවන් දෙමළ ජනයාට එරෙහිව උසිගන්වා දෙමළලාට එරෙහිව අවුරුදු 40 ලේ වැකි යුද්ධයක් නිර්මාණය කළේ ද එජා පයයි .


දේ ශපා ලනයේ දී ප්රතිගා මීයෙ කු වු ෆො න්සේ කා රං ගනයෙ දී යථාර්ථවා දියෙ කු විය . හිටපු ජනා ධිපති මහින්ද රාජපක්ෂ සිද්ධාර්ථ කුමාරයා ගේ ඥාතියෙකු යැයි කේබරයක් ඇද බා 2005 රාජපක්ෂව මේ රටේ ජනාධිපති කර විය .
විදයුත් නා ලිකා වක් ඔස්සේ විකාශනය වු “ සිංහලේ මහ වංශ කතාව “ මගින් ඉතිහාසය විකෘති කළා පමනක් නොව දෙ මළ,මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ස්වෝත්තමවාදව වැඩි දියුණු කර වර්ධනය කළේ ය .

ඇන්තනී එතැනට තල්ලු වීම ඔහුගේ ප්‍රශ්නයකටත් වඩා 1990 යේ සෝවියට් කදවුර බිදවැටිමෙන් පසු ලෝක පරිමානව බුද්ධිමතුන් , කලාකරුවන් සහ වාම කණ්ඩායම් පවා සමාජවාදය අතහැර දමා ධනේහ්වර කදවුරට බඩගෑහ . ඊට පෙර ඔහුන්ට ධනවාදය වෙනුවට නමට හෝ විකල්ප සමාජවාදී කදවුරක් තිබුණි . සෝව්යට් කදවුර බිද වැට්ටුවා පසු ධනවාදය හැර වෙනත් විකල්පයක් නැතැයි ධනේෂ්වර බුද්ධිමතෙකු හා දර්ශනිකයෙකු වන ප්‍රැන්සිස් ෆුකයාමා පැවැසීය . මේ වැනි අදහස් මෙන්ම සෝවියට් දේශයට එරෙහිව ගෙන ගිය දෘෂ්ටිවාදී යුද්ධය මධ්‍යම පාන්තිකයන් මෙන්ම සුළු ධනේශ්වර කොටස් නන්නත්තාර කරන ලදී .පසු ලෝක පරිමානව කම්කරු පිඩිත මහජනයා ධනවාදයට අභියෝග කරද්දී , එම අදහස වැරැදි බව ෆුකයාමා පසුව පිළිගත්තේය .

ඇන්තනී දේශපාඥයෙකු නොවු අතර ඔහු තමන්ගේ වාචාලකම උපයෝ ගී කරගෙන රාජපක්ෂ පවුල උත්කර්ෂයට නංවා මුදලක් කඩාගෙන ජිවත් වුවෙකි . ඇන්තනී වැන්නෙනකුට ඉතිහාසඥයෙකු යැයි කිම එක්කෝ මොලේ අමාරුවක් නැතිනම් සැබෑ ඉතිහාසඥයන්ටද කරන අපාසයකි .
මෙරට පාලනය කළ සැම පාලකයෙකු මෙන්ම දැන් රට පාලනය කර පාලකයන් ද නිදහස් සෞඛ්‍ය සේවය වනසා දැමු සහ වනසා දැමීමට කටයුතු කරමින් සිටිති . එහි දී පාලක පන්තියේ පැත්තේ සිට ගනිමින් ඊට එරෙහිව මත නිෂ්පාදනය කළ ඇන්තනීට ද අවසනයේ ලගින්ට වුයේ ජාතික රෝහලෙහිමය. මේවා රැක ගත්තේ කම්කරු පීඩත මහජනයා ජිවිත පරිත්‍යාගයෙන් ඇන්තනී දක්ෂ කාලාකරුවෙකි .ඔහුගේ හැකියාවන් ධනපති පාලක පංතියේ අවශ්‍යතාවයන් සදහා යෙද වුව ද ඔහු රැකගත යුතු මිනිසෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *