ටෙලිකොම්හි රජය සතු සියලු කොටස් විකුණා දමයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ භාණ්ඩාගාරයට අයත් කොටස් පමණක් නොව රාජය ආයතන සතු අනෙකුත් කොටස් ඇතුළු රජය සතු සියලුම කොටස් විකිණීමට තීරණය කර ඇතැයි එම සමාගම හා අනෙකුත් රාජ්‍ය ආයතන විකිනීම සදහා භාණ්ඩාගාරය විසින් පත්කර ඇති කම්ටුව පවසා ඇත.

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කළ සුරේෂ් ෂාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කම්ටුව ඒ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමගි සේවක සං/මයේ නියෝජිතයන් සමග අගෝස්තු 16 වැනිදා අගමැති කාර්යාලයේදී පැවති සාකච්ජාවේදීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ‌කොටස් අයිතියෙන් භාණ්ඩාගාරයට ඇත්තේ සීයයට 49.5 ක කොටස් වන අතර මැලේසියානු සමාමට එහි සීයයට 44.98 ක කොටස් අයිතියක් අත. එහි ඉතිරි කොටස් අයිතිය ඇත්තේ ඊපීඑෆ් ,ඊටිඑෆ් අරමුදල් , රාජ්‍ය බැංකු ,රාජ්‍ය ආයතන හා තවත් ආයතන කිහිපයක් සතුවය .

මෙම සාකච්ජාව සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික එදිරිබන්දු පැවසුවේ හ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකුණා ලැබෙන ස්ථාවර තැන්පත් ගිණුමක දැමීමෙන් දැනට ලබන ලාභයට වෑඩු මුදලක් ලබාගත හැකි බව එම කම්ටුවේ ප්‍රධානී සුරේ ෂා පැවසු බවත් ඒ අනුව රාජය සතු සියල්ල විකුණා ස්ථීර තැන්පතු දැමීමෙන් පසු ආර්ථීකයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රහ්න කළ බවත් ඔහු පැවසීය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *