ටෙලිකොම් විකිණීමට ද? සභාපතිවරයා ඉවත් කළේ

ටෙලිකොම් අයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද කුමන්ත්‍රණයකින් තමාව එම ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව එහි සභාපති රොහාන් ප්‍රනාන්දු ජුලි 20 වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් පැවසීය .

ඔහු පැවසුවේ ජුලි 20 වැනිදා ඔහු අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට කැදවා රැස්වු අවස්ථාවේදී එහි න්‍යාය පත්‍රයයේ නොතිබු නව සභාපතිවරයෙක් පත් කිරීමේ යෝජනාවක් මැලෙසියානු සමාගමක් වෙනුවෙන් කටයුතු කරන අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ බවත් එම යොජනාවට පක්ෂව රජය වෙනුවෙන් පත්කර ඇති අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් ජන්දය පාවිචිචි කළ බවත්ය .

මීට පෙර ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් වාර්තාව පලවන විට මැලේසියානු සමාගම මේ අධ්‍යක්ෂකවරුන් ප්‍රකාශ කළේ සමාගමේ සභාපතිවරයා පත් කිරීමේ කාර්යයක් වන බැවින් ඔවුන් එයට සහභාගි නොවන බව යැයි රොහාන් ප්‍රනාන්නදු ප්‍රකාශ කළේය . එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ,ටෙලිකොම් සමාගමේ සභාපතාවරයා පත් කිරීම ඇතුළු කාර්යයන් මෙතෙක් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදුකළ බවත් එවැනි අවශ්‍යතාවයක් තිබුණෞ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දී නියමිත ආකාරයට එය සිදුකළ හැකිව තිබු බවයි .

ඔහුව ඉවත් කිරීමට හේතුව ටෙලිකොම් සමාගම විකිණීමේ ගනුදෙනු වියහැකි බවද ,මෙතේ ඒ සම්බන්ධයෙන් ඔහු සමග රජය කතාකර නැති බවද ප්‍රනාන්දු පවසයි .

ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මීට මාස කීපයකට පෙර එහි අධ්‍යක්ෂකවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කරන ලද රියාස් මියුලාර් වන අතර ඔහු බයිරහා ෆාම්ස් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි .එමෙන්ම කේපීඑම්ජී විගණන සමාගමේ ප්‍රධානියා ලෙස හා ලංකා විදුලි බල මණ්ඩලයේ එල්ටීඑල් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර තිබේ .

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වෘත්තීය සමිති පවසන්නේ එම සමාගමේ රජය සතු ඉතිරි කොටස් විකිණීමේ සම්බන්ධයෙන් ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් කටයුතු කරමින් සිටියේ රියාස් මියුලර් බවයි.

ඉදුවර බණ්ඩාර -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *