ඩි.එස්.විදුහල්පති දෙමව්පියන් මත බර පටවා නිදහස් අධ්‍යාපනයට කෙළවිමේ වෑයමක්

ඩි.එස්. සේනානායක විද්‍යාලයට පරිගණක මිල දී ගැනීම සදහා යැයි එම විද්‍යාලයේ දෙවන හා පස්වන වසරේ ඉගනුම ලබන සිසුන්ට රුපියල් 3000 ක් රැගෙන එන්නැයි එම විද්‍යාලයේ විදුහල්පතිවරයා දැනුම් දී ඇත.

ඩි .එස් .සේනානායක විද්‍යාලය සතුව ප්‍රමානවත් පරිගණක නොමැති බවත් දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදීම සදහා එක් පන්තියකට එක පරිගණකය බැගින් තිබිය යුතු බවත් දැනට පරිගණක 30 ක පමණ හිගයක් පවති බව එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිවරයා දෙමව්පියන්ට යවන ලද ලිපියේ සදහන් වේ .

පසුගිය දින විදුහල්පතිවරයා ,ප්‍රාථමික අංශයේ භාර නියෝජ්‍ය විදුහල්පති ,ප්‍රාථමික අංශ ප්‍රධානි ගුරුවරයා , තොරතුරු තාක්ෂණය විෂය භාර ගුරුවරිය සහ පන්ති වල නියෝජිතයන් සමග පැවැත්වු සාකාච්ජාවේදී එක් පන්තියට එක් පරිගණකය බැගින් මිල දී ගැනීමෙන් හිගය පියවාගත හැකි බව යෝජනා වු බව ඒම ලිපියේ සදහන්ය .

Assemble I3 Desktop පරිගණකයක් රුපියල් 120,000 වන අතර Original HP පරිගණකයක් රුපියල් 200.000 වන බවත් ඒ අනුව රුපියල් 120.000 දී Assemble I3 Desktop පරිගණක මිල දී ගැනීමට එම සාකච්ජාවේදී තිරණය කර ඇත .

පවතින ආර්ථික අර්බුදය හමුවේ සමහර දෙමව්පියන්ට රුපියල් 3,000 ක මුදලක් දරාගත නොහැකි බවත් ඇති හැකි සිසුන්ගේ දෙමව්පියන්ට වැඩිපුර මුදලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි ප්‍රාථමික අංශය භාර විදුල්පතිවරයා සම්පුර්ණ මුදල ගෙවීමට නොහැකි සිසුන් පන්ති භාර ගුරුතුමිය මුණ ගැසි වැඩපිළිවෙලක් යොදා ගන්නැයි උපදෙස් දී ඇත.

විදුහල්පතිවරයාගේ පරමාර්ථය, පුද්ගලික පාසැල් වල දරුවන් තොරතුරු තක්ෂණය සම්බන්ධයෙන් ලබන දැනුමට වඩා එහාගිය දැනුමක් ඩි.එස්. සේනානායක විද්‍යාලයේ දරුවන්ට ලබා දීම බව එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

විදුහල්පතිවරයා තමන්ගේ පරමාර්ථ ඉටු කර ගැනීම සදහා මුළුමනින්ම මහජනයා මත බර පටවන ගමන්ම ආණ්ඩුව සුභසාධන සේවාවක් ලෙස පවත්වාගෙන යන නිදහස් අධ්‍යාපනය වැනසීමට ප්‍රයත්න දැරීමකි.

 නිදහස් අධ්‍යාපනය යටතේ රජය පාසැල් වලට අවශ්‍ය පහසුකම් හා උපකරණ සැපයීය යුතුව තිබියදීත් එසේ ලබා නෙදෙන්නේ නම් ඒ සදහා පොරබැදීම වෙනුවට ඩි.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා මැතිඇමතිවරු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඉදිරියේ පොරක් වීමට දෙමව්පියන් හා සිසු දරුවන් මත පිඩනය දමයි . අඩුම තරමේ විද්‍යාලයට අවශ්‍ය දේවල් ඉල්ලා දෙමව්පියන් ලවා පෙත්සමක් අත්සන් කිරීමට පවා මොහුන්ට කොන්දක් නැත.

මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති බිහිරුන් සේ හැසිරෙති. ඉදිරියෙදී විදුහල්පතිවරයා ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නැයි දෙමව්පියන්ට බල කර සිටියහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

මේ සදහා ඇති එකම විසදුම ගුරු – දෙමව්පිය ක්‍රියාකාරී කම්ටු වහා පිහිටුවා පාසලේ පාලනය අතට ගෙන දරුවන්ගේ අධ්‍යාපනයේ සියලුම අංශ සම්පාදනය කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *