ඩි.වි. උපුල්ගේ මැරයා අධිකරණයට භාර කරයි

ධිවරයෙකු වු එම් .එම් .සරත් රෝහණට කඩුවකින් කපා කොටා ඝාතනය කර ,ඔහු ගේ බිරිද වන සන්ධ්‍යා හෙට්ටිගේ (61) වම් අතට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදු කළ හිටපු දකුණු පළාත් ඇමතිවරයෙකු හා ධීවර සංස්ථාවේ සභාපති ඩි.වි. උපුල්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වන චමිල එදිරිසුරිය හෙවත් වික්ටර් සුදුදා ඊයේ (02) නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල අධිකරණයට භාර වි ඇත .

එදිරිසුරිය හෙවත් වික්ටර් සුද්දා පොලිසීය මග හැර සැගව සිට ඇත්තේ, ඩි.වි .උපුල්ගේ නිවසේ බවත් ඔහු විසින් වික්ටර් සුද්දාව නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර දී තිබිණ .

සන්ධ්‍යා හෙට්ටිගේ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇයගේ වම් අතට කඩුවෙන් පහරදිම නිසා , වම් අතේ අල්ල වෙන්වන මට්ටමට කැපී ගොස් ඇති බවත් අත බේරා ගැනීමට නම් වම් අතේ මාපට ඇගිල්ල සහ සුලැගිල්ල කපා ඉවත් කරන්නට සුදු වන බව වෛද්‍යවරු පවසති .

හම්බන්තොට කුඩාවැල්ල ක්‍රීඩාංගණයේ ජුලි (24) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයේදී වික්ටර් සුද්දා විසින් විසිනමහැවරිදි (29) එම් .එම්. උදාන විකුම් නැමති තරුණයකුට පහරදී ඇති බවත් පසුව තරුණයා විසින් ඔහුව විශාල පිරිසක් ඉදිරියේ අල්ලා පොලොවේ ගැසීම එම ආරවුලට හේතු වී ඇත.

උදාන විකුම් , වික්ටර් සුදුදා විසින් කපා කොටා ඝාතනය කරන ලද රෝහණගේ සහ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සන්ධ්‍යා හෙට්ටිගේ එකම පුත්‍රයා වේ.

වික්ටර් සුද්දා එදින මධ්‍යම රාත්‍රියේ උදාන විකුම් සොයාගෙන කාකුළුගමුව ඔහු‌ගේ නිවසට ගොස් ඇති බවත් නිවසේ සිට ඇත්තේ උදාන විකුම්ගේ මව, පියා සහ බිරිද බවත් වික්ටර් සුද්දා ඔහුගේ මවට සහ පියාට කඩුවෙන් කොටා ඔහුගේ බිරිදි පසු පස එළවාගෙන ගොස් ඇති බවත් පසුව ඇය තම නිවසේ දොරගුල් දමාගෙ ජිවිතය බේරාගෙන ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට 2015 ජනාධිපතිවරණයෙදී වැඩ කළා යැයි වික්ටර් සුද්දා සනත් ගාමිණි නැමති තරුණයෙකුගේ දකුණු අත වෙන්වෙන්නම කපා දැමීය . වික්ටර් සුද්දාාට එරෙහිව පැවති නඩුවෙන් අවුරුදු 20 ක් එළියට දඩුවම් කර පැමිණිල්ලට ලක්ෂ 30 ක් ගෙවන්නැයි අධිකරණය විත්තිකරුට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *