තරාතිරම නොබලා සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතකයන් වහා අත්අඩංගුවට ගන්න -මාලිගාකන්ද මහේස්ත්‍රාත්

අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාරගේ මරණයට දෘෂ්‍යමාන හේතුව මොට ආයුධ වලින් පහර දිම බවත් මොට ආයුද වලින් පහර දිම නිසා මරණකරුගේ ශරීරයේ බහුවිද පඨක තුවාල වි රක්තපාත කම්පනය නිසා මරණය සිදු වි ඇතී බව තිරණය කරන බවත් එම සහසික ක්‍රියාව තුළ අපරාධයක් සිදු වි ඇති බවත් මරණකරුගේ මරණය සිදු වි ඇත්තේ පොලිස් අත්අඩංගුවේ දි බැවින් සියලුම සැකකරුවන් තාරාතිරමක් නොබලා අත්අඩංගුවට ගන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ නඩු තීන්දු ප්‍රකාශයට පත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට අද (06) නියෝග කළාය .

මහේස්ත්‍රාත්වරිය එම නියෝය නිකුත් කළේ අපරාධ නඩු සංග්‍රහයේ 371 (2) වගන්තියට අනුව යමින්ය

මරණකරුගේ මරණය පොලිස් අත්අඩංගුවේ දි සිදු වි ඇති නිසා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනයාගේ විහ්වාසය තහවුරු කිරීම සදහා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළාය .

මහේස්ත්‍රාත් වීරසිංහ එසේ පැවසුවේ සමන්ත ප්‍රීති කුමාරගේ නඩු අද (06) විභාගයට ගත් අවස්ථාවේ තීන්දු ප්‍රකාශයට පත්කරමින්ය.

සමන්ත ප්‍රීති කුමාරව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් නාරාහේපිට වෘත්තීය පුහුණු අධිකාරීය ඉදිරිපිට දී පැහැරගෙන ගොස් ඇත්තේ ජනවාරි 10 වෙනිදා සවස 3.05 පමණ බවත් එදින සවස 3.05 සිට ජනවාරි 19 වෙනිදා රාත්‍රි 7.20 අතර කාලය තුළ ඔහු සිට ඇත්තේ මත්ද්‍රව්‍ය තාර්යංශ නිලධාරීන් වන උප පොලිස් පරික්ෂක තිලංක ,පොලිස් කොස්තාපල් 8824 බාලසුරිය ,පොලිස් කොස්තාපල් 31906 හේරත් ,පොලිස් කොස්තාපල් 83808 විකුම් , පොලිස් කොස්තාපල් 61323 සංජීව , පොලිස් කොස්තාපල් 93682 පෙරේරා , පොලිස් කොස්තාපල් 94473 මධුෂාන් සහ පොලිස් කොස්තාපල් කළුආරච්චි භාරයේ බවත් සමන්ත ප්‍රී කුමාරව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරක එකකයට ඇතුළත් කර ඇත්තේ එදින සවස 7.20 පමණ බවත් ඔහුට වෛද්‍යවරු ප්‍රතිකාර බලා දෙන්නට මත්තෙන් මිය ගිය බවත් අනාවරණය වි ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමන්ත ප්‍රීති කුමාරව පැහැරගෙන රැගෙන ගොස් ඇත්තේ කොළඹ විරේවර්ධන මාවතේ නෙලුම් කුළුණ ඉදිරිපිට පොලිස් නිවස්නයකට බවත් එහි දී ඔහුට මොට ආයුදකින් අමානුෂික පහර දිම නිසා සමන්තගේ මෘත දේහය පුරා තුවාල 49 ක් නිරික්ෂණය කොට ඇති බවත් මරණකරු මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය හෝ භාවිතා කර නොසිටි බව අධිකරණ වෛද්‍යවරයා තහවුරු කර ඇත.

” අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අනෙකුත් මතයන්ට අනුව මරණකරුගේ තුවාල වල ස්වභාවය අනුව තුවාල සිදු වී ඇත්තේ හදීසි අනතුරු ස්වභාවයෙන් හේ මරණකරු විසින් අනතුරුදායක තත්ත්වයකට තමාව පත් කර ගනිමින් තමා විසින් තුවාල සිදුකර ගනීමකින් (සියදිවි හානිකර ගැනීමක් ) හෝ නොවන අතර ,බාශිර පාර්ශ්වයක් චේතනාන්විතව ප්‍රචණ්ඩවය යෙදවිමේනි”

මෙම නඩුව ජුලි 14 වෙනිදා නැවත කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ රජිත ලක්මාල් , නීතිඥ ප්‍රබෝධ රත්නායක සහ නීතිඥ සේනක පෙරේරා සහ මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර පෙවී සිටියහ .

සමන්තගේ මව වන හෙට්ටිආරච්චි ඩොලී හේමලතා මහත්මිය ලංකා ස්කයි නිවිස් වෙත අදහස් දක්වමින්

මගේ දරුවාව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පැහැරගෙන ගිහිල්ලා අමානුෂික ලෙස පහර දිලා මරා දැම්මා . මගේ පුතාව පැහැර ගත්තේ ජනවාර් 10 වෙනිදා සවස 3 ට. එදාම රාත්‍රී 7.20 ට තමයි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ . දොස්තරවරු බලන්න කලියෙන් පුතා මැරිලා .මගේ පුතාව වැඩ කළේ නාරාහේපිට වෘත්තීය පුහුණු අධිකාරීයේ . ජනවාරි 10 වෙනිදා කෑම එකාක් ගන්න ආපු වේලාවේ තමයි නාකෝටික් එකෙන් පැහැරගෙන යන්නේ . මේ හෙණ ගහන අපරාධයක් . මුන් මගේ පුතාව කොන්ත්‍රාත් එකකට මරලා මගේ පුතා කුඩු ජාවාරම්කාරයෙක් කියලා හංවඩු ගැව්වා . මාලිගාකන්ද මහේස්ත්‍රාත්වාරිය අද (06) නියෝගයක් දුන්නා මගේ පුතා මරපු සියලු දෙනා අත්අඩංගවට ගන්න කියලා . මගේ පුතාගේ අතේ තිබුනු රත්තරන් වළල්ලත් මුන් අරගෙන . පුතාගේ සල්ලි වලින් මුන් ප්‍රයිඩ් රයිස් කාලා පුතාගේ අතේ තිබුනු බත් එකවත් කන්න දීලා නැහැ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *