තරිදූ උඩුවරගෙදර වහා නිදහස් කරනු!

බොරැල්ල වනාත මුල්ල ප්‍රදේශයේ දී පැවති උද්ඝෝෂණයක් වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදරව පොලිසීය පහරදී අත්අඩංගුවට ගෙන ඇත.

තරිදු උඩුවගෙදර වනාත මුලලේ සිට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිසීය ඔහු එම ත්‍රිරෝද රථයෙන් එළියට ඇද පහර දී පොලිස් ජිප් රථයට බලහාත්කාරයෙන් නංවාලන්නා ගෙන ඇත. පොලිස්සී උඩුවරගෙදරගේ බෙල්ලෙන් අල්ලා ජිපි රථයට නංවාගන්නා අයුරු අන්තර්ජාලය හරහා සංසරණය වන විඩියෝ පට වලින් දැක ගත හැකිය .

පොලිසීය උඩුවරගෙදර පොලිස් රථයේ නංවාගෙන බොරැල්ල පොලිසීයට රැගෙන යන අතර මැද දී පහර දී ඇතැයි ද වාර්තාවේ. පොලිසීය ඔහුට පහර දී ඇත්තේ එන්ජිඔ් සහ ඩොලර් කාක්කා යනුවෙන් පවසමින්ය .

රුපියල් 2000 ක ජිවන අංකය දීමනාව ලබා නොදීමටත් රාජ්‍ය සේවක වෘත්තීය ගැටලු නොවිසදීමටත් අසාධාරණ කම්කරු නීති සංශෝධනයටත් එරෙහිව වැඩ කරන ජනතාවගේ එකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයක් අද (28) දහවල් කොළම ජාතික රෝහල අසලින් ආරම්භ කෙරිණ . පොලිසීය ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීම නිසා විරෝධතාකරුවන් පුංචි බොරැල්ල හරහා දෙමටගොඩ දෙසට ගමන් කොට ඇත. පොලිසීය විරෝධතාකරුවන් පිටුපස පන්න පහර දී ඇත. පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කදුළු ගෑස් පවා යොදා ගැණින .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ,කම්කරු අරගල මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් මධ්‍යස්ථානය මගින්ය .

උඩුවරගෙදර ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංමගයේ හිටපු විධායකු සභිකයෙකි . ඔහු රාවය සහ අනිද්දා පත්තර වල කර්තෘ මණ්ඩල සමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. උඩුවරගෙදර සහ රේකා සටහන් රේඩියෝ නමින් යුටියුබ් කැනලයක් ද පවත්වගෙන යති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *