තරුණයෙකු පැහැරගෙන වධහිංසා පැමිනුවා යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කරයි

හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක බරපතළ වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජ අද (28) නියෝග කළේය .

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙදසලක සේවය කළ අමිල ප්‍රියංකර නැමති තරුණයෙකු ඩිපෙන්ඩර් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චෝදනාවට හිටපු මන්ත‍්‍රීවරිය වරදකරු කරමින් මහාධිකරණය එම නියෝගය නිකුත් කෙරිණ .

එම තරුණයව 2015 වසරේ දෙසැම්බර් 21 වැනි දා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා‌ගෙන පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේය.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරීය අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකාගේ නීතිඥයෝ ප්‍රකාශ කළහ.

දඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *