ත්‍රස්තවාදී පනතෙන් බැටකන පොලිස් අධිකාරී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළා යැයි පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේට එරෙහිව කෙළඹ මහ අධිකරණයේ පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු මහෙන් විරමන් ඊ‌යේ (17) නොපැමිණිම නිසා එම නඩුව නොවැම්බර් 08 නැවත කැදවිමට නියෝග කළේය .

පොලිස් අධිනාරි කුරේට ඇප ගැනිම සදහා ඔහුගේ නීතිඥවරයා ඇප අයදුම් පතක් ඉදිරිපත් කර තිබු අතර ඊයේ එම අයදුම පත්‍රය සලකා බැලිමට නියමිතව තිබුණි .

පොලිස් අධිකාරි කුරේට එරෙහිව කොළඹ මහාධිකරණය පවරා ඇති ‌චෝදනාවම ‌ගොනු කරමින් , බදුල්ල මහාධිකරණයේ ද නඩුවක් පවරා ඇත . එම නඩු ‌දෙක පවරා ඇ.ත්තේ කුරේ ගෙන් ගන්නා ලද පාපොච්චාරණය පදනම් කරගෙනය . ගම්පහ මහාධිකරණය මගි්න් එම පාපොච්චාරණය ප්‍රතික්ෂේප කර ඇත .

කුරේව හිටපු අමාත්‍ය ‌ජේයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි . පුල්ලේ ඝාතනය කරන ලද්දේ 2008 අප්‍රේල් වැනිදාය . ප්‍රල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කුරේ ඇතුළු සැකකරුවන් තිදෙනාට ගම්පහ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි . ගම්පහ මහාධිකරණය එම නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන ලදී . අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර ලද කුරේ ඇතුළු තිදෙනා නැවත රිමාන්ඩ් කෙරිණ . ඔවුන් නැවත රිමාන්ඩ් කර ඇත්තේ රැදවුම් නියෝගයක් ද නොගෙනය . ඔවුන්ට එරෙහිව කොළඹ සහ බදුල්ල මහාධිකරණ නඩු ‌දෙකම පවරා ඇත්තේ රිමාන්ඩ් කළාට පසුය . කුරේ ඇතුළු තිදෙනා අවුරුදු 14 ක් රිමාන්ඩ් බන්ධනාගාරව සිට ුඇත .

කුරේ නිදහස් වි ඒළියට පැමිණිය හොත් පුල්ලේ ඝාතනයේ සැබැ තොරතුරු හෙළි වෙතැයි බියෙන් රාජලක්ෂලා ඔහුව බන්ධනාගාර ගත කොට තැබිමට උත්සහ කරන බව වාර්තාවේ . කරේව බන්ධනාගාර කර තබාගෙන ඇත්තේ ත්‍රසතවාදී පනත භාවිතා කරමින්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *