ත්‍රස්ත පනත යටතේ රදවා සිටි සිරි ධම්ම හිමි ජතික රෝහලට

ත්‍රස්ත පනත් යටතේ රදවාගෙන සිටින අන්තර් ව්ශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩඩලයේ කැදවුම්කරු ගල්වැව සිරි ධම්ම හිම් රෝගාතුරු විම නිසා අද (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත .

සිරි ධම්ම හිමියන් උණ රෝගයෙන් පෙලෙන බවත් වහාම රෝහල ගත කරන්නැයි සිරි ධම්ම හිමියන් ගේ සොහොයුරිය සුනීතා රත්නායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉල්ලා සිටියදීත් බිහිරි අලින් මෙන් සිටි ත්‍රස්ත විමර්ශන නිලධාරින් සිරි ධම්ම හිමියන් තත්වය බරපතළ විමත් සමග අද රෝහල් ගත කර ඇත.

සිර ධම්ම හිමියන් අගොස්තු 18 ට ටවුන් හොල් පැවැති උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගෙන නාරිහේනපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරයි .

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ලඩයේ කැදවුම්කරු වසන්ත මුදලි ගේ ද අගොස්තු 18 අත්අඩංගුවට ගෙන ත්‍රස්ත පනත යටතේ තංගල්ල විමර්ශන කොටඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරයි . ඔහුව ද රාත්‍රි කාලයේ විමර්ශන සදහා යැයි එළියට ගෙන යමින් මුදලි ගේ ජිවිතය අනතුරේ හෙළීමට ආණ්ඩුව කටයුතු කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *