ත්‍රස්ත විමර්ශන එකකය ඉදිරිපිට මුදලිගේ සහ සිර ධම්ම හිමි නිදහස් කරන්නැයි උද්ඝෝෂණ

ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමි වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කර අද (15) සවස නාරාහෙන්පිට පොල්හෙන්ගෙඩ ත්‍රස්ත විමර්ශන එකකය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණ .

මෙම උද්ඝෝෂණය වෘත්තිය , බහුජන සංවිධාන , විශ්ව විද්‍යාල සිසුන් , ධිවර සංවිධාන සහ ගාලුමුවදොර අරගලකරුවන් විසිිින් සංවිධානය කරන ලදි .

උද්ඝෝෂණය අවසානයේ විරෝධතාකරුවෙක් මේග ෆොනයක් අතට ගෙන එහි රැස්ව සිටි පිරිස අමතද්දි ,උසස් පොලිස් නිලධාරියෙක් ශබ්ද විකාශනය යන්ත්‍ර පාවිච්චි කිරිම සදහා අවසර ගතයුතු යැයි කියද්දි අගලකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්තාවයක් හටගැනිණි .

උද්ඝෝෂකයන් විරෝධතාවය අවසන් කර යන්නට සැරසෙද්දි , පොලිස් නිළධාරියෙක් කාන්තාවක් අත තිබු මේග ෆොනය පැහැර ගත්තේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *