තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති

තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති

ආණ්ඩුවේ බදු පනත වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර, අද (14) දහවල් කෑම පැයේ කොටුව ප්‍රධාන තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

බදු පනත අහෝසී කරන්නැයි යන ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් 07 මුල් කරගෙන එම විරෝධතා උද්ඝෝෂණය රටපුරා සෑම තැපැල් කන්තෝරු ඉරිදිපිටම අද දිනයේ පැවැත්විය .

මෙම විරෝධතා උද්ඝෝෂණය තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් මගින් සිදු කර ඇත.

කොටුව තැපැල් හුවමාරුව ඉදිරපිට පැවැති විරෝධතා උද්ඝෝෂණයට සැලකිය යුතු තැපැල් සේවකයින් පිරිසක් සහභාගි වී සිටියහ .

🔺️ ගිවිසුම්ගත ප්‍රමාණයට වඩා ඉහල දැමූ ණය පොලියට,

🔺️අසාධාරණ උපයන විට ගෙවන බදු ප්‍රතිපත්තියට,

🔺️විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධව,

🔺️ගෙවාගත නොහැකි විදුලි බිලට එරෙහිව,

🔺️උසුලාගත නොහැකි ජීවන වියදම අඩුකරන ලෙසට,

🔺 අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මුදල් ප්‍රමාදයට එරෙහිව,

🔺ජීවන වියදමට සරිලන ලෙස රු 20000ක දීමනාවක් ලබා දෙන්නැයිැ තැපැල් ‌සේවකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති.

තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති
තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති
තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති
තැපැල් සේවකයෝ බදු පනතට එරෙහිව රටපුරා පාරට බසිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *