තොණ්ඩමන්ට විරෝධය, රාධක්‍රිෂ්ණන් නැගිට යයි

පසු ගිය 30 වෙනිදා හැටන් දික්ඔය පැවැති දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජිවන් තොණ්ඩමන් පැමිණියා යැයි එම පෙරමුණ දෙදරා ගොස් ඇතැයි වාර්තවේ .

උත්සවය මැද තොණ්ඩඩමන් පැමිණ ඇති අතර කදුරට මහජන පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණන් ඔහුට විරෝධය පා නැගිට ගොස් ඇත.

තොණ්ඩමාන්ට එම උත්සවය සදහා අරාධනා කර ඇත්තේ එක්සත් කම්කරු සම්මේලනයේ නායක දිගම්බර් බව වාර්තාවේ .

දෙමළ ප්‍රතිශීලි ‌පෙරමුණ කදුරට මහජන පෙරමුණ , එක්සත් කම්කරු සම්මේලනය සහ පුජාතන්ත්‍රවාදී ජනතා පෙරමු‌‌ණේ එකාබද්ධ සංවිධානයකි .

දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන්ය .

තොණ්ඩමන්ටඑම උත්සවයට ආරධනා කළා යැයි දිගම්බර්ට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනය ඇතුලේ ද විරෝධතායක් නිර්මාණය වි ඇත . උත්සවය සදහාඉන්දියන් මහකොමසාරිස් ගොබාල් බග්ලේ සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේමදාස ද සහභාගි වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *