දරුවෙකු පැහැරගෙන දින විසිඑකාක් , පොලිසියට වගේ වගක් නැහැ

වයස අවුරුදු 13 ක් වන මනෝකරන් ප්‍රදීප් පැහැරගෙන ය‍ෑම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට පැමිණිලි කර අද (25) දින විසිඑකාක් ගත වී ඇතත් , පුතා පි‍ළිබදව තොරතුරුක් සොයා ගැනීමට එම පොලිසිය කටයුතු නැතැයි ප්‍රදීප්ගේ පියා වන කාලි මුත්තු මනෝකරන් (29) ලංකා ස්කයි නිව්ස් වෙත පැවසීය .

ප්‍රදීප්ව පැහැරගෙන ගොස් ඇත්තේ මැයි 05 වනදා මනෝකරන්ගේ බිරිදගේ ඥාතියෙකු වන කනකසබේ තිලකේෂන් නැමැත්තා විසිනි. ඔහු නො: 38 විනයගපුරම් මරුදනගර් පච්චෙිනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

පිළියන්දල පොලිසිය සිය රාජකාරිය පැහැර හරින බව අවබෝධ කරගත් මනෝකරන් ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයා හමු වී සිද්ධිය පිළිබද දැනුවත් කර ඇති බවත් පසුව පොලිස් අධිකාරිවරයා  ඒ අවස්ථාවේම පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කර සිද්ධිය පිළිබද විමසා ඇති බවත් පිළියන්දල පොලිසිය මෙම දින කිපය තුළ අවශ්‍ය පියවර නොගතහොත් මැයි (27) දින නැවත පැමිණ ඔහුව හමුවන්නැයි පොලිස් අධිකාරිවරයා  මනෝකරන්ට පැවසු බව ඔහු අප සමග කීය .

මනෝකරන් සහකාර පොලිස් අධිකාරීවරයා හමුවීමට ය‍ැම නිසා කිපුණු පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති අත්තනගමගේ උඹ මොකටද දරුවාගේ පිංතුර මුහුණු පොතේ දැම්මේ ඇයි දැයි කියා ඔහුට බැණ වැදි ඇත. එදින ප්‍රදීප් ගැන විමසීම සදහා මනෝකරන්ගේ දෙවන බිරිද පොලිසියට කැදවා තිබුණු අතර මේ ගැණි මූ ගැන කියන දේවල් සදහන් කර මනෝකරන්ට එරෙහිව පැමිණිල්ලක් දමන්නැයි අත්තනගමගේ පොලිස් කාන්තාවකට නියෝග කර ඇත.

මනෝකරන් මාතලේ සැලගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන අතර ඔහු දැන් පදිංචි වී සිටින්නේ නො – 73 වවන වත්ත පාර මාම්පේ පිළියන්දල යන ලිපිනයේ  පදිංචි වී සිටින අතර ප්‍රදීප්ව පැහැරගෙන ගොස් ඇත්තේ එම නිවසේ සිටියදිය .

ප්‍රදිප් , මනෝකරන්ගේ පළමු බිරිදගේ දරුවෙකි . ඔහු පාසැල් ගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ හින්දු විද්‍යාලයකටය .

මනෝකරන් අප්ප , රෝටි සහ කොත්තු බාස් කෙනෙකු වශයෙන් සේවය කරයි .

 2024 මැයි 05 වනදා මනෝකරන් රැකියාවට ගොස් රාත්‍රි 12 ට පමණ නැවත නිවසට පැමිණ ඇති අතර පුතා සහ බිදිරිදගේ ඥාති සහෝදරයා නිවසේ සිට නැත  .එදින ඔහු පා පැදියකින් නිවසට පැමිණ ඇති බවත් නිවසට පැමිණෙන වවන වත්ත පාරේ රැක සිටි පුද්ගයෙකු ඔහුට පොල්ලකින් පහර දී ඇති අතර ඔහු ඉන් බෙිරී ඇත්තේ අහම්බයෙනි . පොලු පහරෙන් දිවි ගලවාගත් මනෝකරන් පසුව පිළියන්දල පොලිසියට ගොස් මේ පිළිබදව දැනුවත් කිරිමෙන් පසු පොලිසිය ඔහු සමග එම ස්ථානයට පැමිණ පරික්ෂා කරද්දී , පොල්ලක් , පෙට්‍රිල් පිර වු කැන් එකාක් , ප්‍රදීප්ගේ පරණ ඇදුම් වගයක් සහ ගෝනි වගයක් එහි තිබි සොයාගෙන ඇත ‍.

පොල්ලෙන් පහර දුන් පුද්ගලයා උත්සහ කර ඇත්තේ මනෝකරන්ට පොල්ලකින් පහර දී මරා දමා පෙට්‍රිල් දමා ගිනි තැබිමටය . ප්‍රද්ප්ව පැහැර ගැනීමට අමතරව මනෝකරන්ව ඝාතනය කිරිමට ද තිලකේෂන් උත්සහ කර ඇත. පැහැර ගැනීම වගේ ඝාතනය කිරීමට තැන් කිරීම යන වරදවල් අපරාධමය වරදවල් වේ . මනෝකරන් අප සමග පැවසුවේ ඔහු ඝාතනය කිරිමට උත්සහ කළේ තිලකේෂන් බවත් වෙනත් අයෙකුට ඔහුව ඝාතනය කිරිමට අවශ්‍යතාවයක් නැති බවත්ය .

මේ වැනි අපරාධමය වරදක් කර ඇතැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු නොකරන්නේ මන්ද යන පිළිබදව බරපතළ ගැටළුවක් පවති . මනෝකරන්ට පහර දි ඝාතනය කිරීමට තැත් කළා යැයි කියන තිලකේෂන් නැමැත්තා නිදැල්ලේ සැරිසැරීම නිසාම ඔහුගේ ජිවිතයට අනතුරක් සිදුවිමේ බරපතළ අවදානමක් ඇත.

මනෝකරන් සෑම උදැසනකම උදේ 08 ගොස්  නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රි 12 ටය . තිලකේෂන් රැකියාවක් කර නැති අතර උයන පිහියන කටයුතු කරගෙන ප්‍රදීප්වත් බලාගෙන නිවසට වි සිටි බව මනෝකරණ පැවසීය . දවල් කාලයට වවන වත්ත නිවසේ රැදී සිට ඇත්තේ තිලකේෂන් සහ ප්‍රදීප් පමණි . මනෝකරන්ගේ දෙවැනි බිදිරිද  ඔහු සමග අමනාප වි ගොස් තිබිණ.

ප්‍රදීප්ව ‍, තිලකේෂන් පැහැරගෙන ගියේ මනෝකරන්ගේ සමග ඇති අමනාපයකට ද නැතිනම් වෙනත් හේතුවක් මත යන්න සොයා බැලීම පොලිසියේ  රාජකාරීයකි . ප්‍රදීප් ජිවතුන් අතර ඔහුව රදවාගෙන සිටි් කොහේද යන්න කඩිනමින් සොයා ගත යුතුය .

මනෝකරන් දරුවාව පැහැරගෙන යැම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට දුරකතනයෙන් කතා කර පැමිණි කර ඇත .නමුත් ළමා හා කාන්තා කාර්යංශය ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව මනෝකරන් අප සමග වැඩිදුරටත් පැවසීය.

මනෝකරන් තම පුතා සොයා දෙන්නැයි පිළියන්දල පොලිසීයට පැමිණිල්ලක් මගින් ඉල්ලා  ඇත. මේ නැති වී සිටින්නේ නිවසක ඇති කරන බල්ළෙක් හෝ පුසෙක් නොව මිනිස් දරුවෙකි . පොලිසියේ විමර්ශන කටයුතු ප්‍රමාද විමෙන් ප්‍රදීප්ගේ ජිවිතයට යම් අනතුරක් සිදු වුවහොත් එහි සම්පුර්ණ වගකිම පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සමස්ත පොලිසියම වගකිව යුතුය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *