දළදා මාලිගාව කෙළසුවා යැයි සේපාල් අමරසිංහ අත්අඩංගුවට

මහනුවර දළදා මාලිගාවට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවාද සම්පන්න ප්‍රකාශ නිකුත් කළා යැයි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකු වන සේපාල් අමරසිංහව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ විහේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අමරසිංහව අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙල්ලන්විල මයුර පෙදෙසයේ ඔහුගේ නිවසේ සිටියදීය .

අමරසිංහව අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබුණි .

අමරසිංහ දළදා සමිදුට අපහාස වන අයුරින් කටයුතු කිරීම 1958 අංක 41 දරණ ආගම් විරෝධී ප්‍රකාශන පනතේ පවතින නීතිමය තත්ත්වය අනුව දඩුවමක් ලැබිය හැකි වරදක් වන බවත් මෙම පනත් වලට අදාල වැරදි සිදුකර ඇති බවට විමර්ශන වලදි අනාවරණය විම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අමරසිංහගෙන් සිද්ධියට අදාලව කටඋත්තර ලබා ගැනීමෙන් පසු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *