දුම්රිය රියදුරු දඩයම් වහා නතර කරනු ! අත්‍යාවශ්‍ය සේවා නියෝග වහා හකුළා ගනු!

උසස් විම් ලබා දෙන්නැයි සහ වැටුප් වැඩි කරන්නැයි ඉල්ල ලොකොමොට්ව් ඔපරේටිං ඉංජිනියරින් සංගමය ආරම්භ කළ  වැඩවර්ජනය විසදුමකින් තොරව අවසන් කර ඇතත් , ආණ්ඩු දුම්රිය අත්‍යවශය සේවාවක්  කරද්දී  එය මායිම් නොකර වැඩ වර්ජනයේ යෙදුනු රියදුරන් 84 ක් සේවය අතහැර ගියා සේ සලකා පියවර ගන්නට යන බව  වාර්තාවේ .

දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය නිසා දුම්රිය වාර 166 ක් අවලංගු වි ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග හා ජන මාධ්‍යය ඇමති බන්දුල ගුනවර්ධන සහ දුමිරිය දෙපාර්මේන්තුවේ වගකිව යුතු නිලධාරීන්  වර්ජකයන් නෙතකා සිටිම හේතුවෙන් මහජනයා දැඩි අපහසුතාවයට පත්වුහ . ඊට රනිල් රාජපක්ෂ ආණ්ඩුව වගකිව යුතුය .

කම්කරුවන්ට තමන්ගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් දිනා ගැනීමට වැඩවර්ජන , වාඩිලා ගැනීම ,සහ පැක්ටරි අල්ලා ගැනීමට සිදු වන්නේ පාලකයෝ සිය කැමැත්තෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා නොදෙන බැවිනි.

සැතැම්බර් 12 වෙනිදා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියේ වහල මත නැගි ආ තරුණයෙක් එම වහලයෙන් වැටි මිය ගියේය . ඇමති ගුණවර්ධන , තරුණයා මිය ගියේ දුම්රිය රියදුරන්ගේ වර්ජනය නිසා යැයි කියා දුම්රිය රියදුරන්ට එරෙහිව මහජනයා උසිගැන්විමට රාජය මාධ්‍ය යොදාගෙන නිර්ලැජ්ජිත උත්සහයක නිරත විය .

ඇමති ගුණවර්ධන මිය ගිය තරුණයා‌ගේ දෙමව්පියන්ට සොච්චම් රුපියල් ලක්ෂක පහක මුදලක් ලබා දි ධනපති ක්‍රමය යටතේ මිනිස් ජිවිත වලට වටිනා කමක් නැතැයි සහ වගකිමෙන් නිදහස් විය .

දුම්රිය රියදුරන් දඩයම් කිරීමට එරෙහිව දුම්රිය තුළත් ඉන් පිටතත් කම්කරූ ක්‍රියාකාරී කම්ටු පිහිටුවමින් සටන් වැදීම හැර මර්දනයට මුණ දීමට වෙනත් මාවතක් නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *