දුමින්ද සිල්වාට සමාව දුන්නැයි ගෝඨාභයට නොතීසි

‌හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීි ආර් . දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වෙනිදාට පෙර අධිකරණයට කරුණු දක්වන ලෙසට දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නොතිසී නිකුත් කරන්නැයි අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේ හිටපු ජනාධිපති රාජපක්ෂ ජනාධිපති පොදු සමාව යටතේ සිල්වා නිදහස් කිරිම අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිද ,දියණිය සහ නීතිඥවරයෙකු විසින් වෙන වෙනම ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් තුන අද යසන්ත කෝද්‍රගොඩ සහ මුර්ද්‍ර ප්‍රනාන්නදු යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවු අවස්ථාවේ දිය .

මහාධිකරණය මගින් සිල්වාට මරණ දඩුවම් නියම කළේය . පසුව සිල්වාගේ නීතිඥවරු එම තින්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියායචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය්ම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් එම තීන්දුවම ලබා දී තිබියදී හිටපු ජනාධිපති රාජපක්ෂ පොදු සමාව යටතේ ඔහුව නිදහස් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *