“දුවට කියන කතාවක් – ධනවාදයේ කෙටි ඉතිහාසය”යානීස් වරුෆකීස්

ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ග්‍රීසියේ හිටපු මුදල් ඇමති  යානීස් වරුෆකීස් (Yanis Varoufakis ) විසින් රචිත Talking to My Daughter- A Brief History of Capitalism  කෘතියේ සිංහල පරිවර්තනය වන “දුවට කියන කතාවක් – ධනවාදයේ කෙටි ඉතිහාසය” ලෙස කෘතියක් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් පරිවර්තනය කර ජුනි 02 එළිදක්වන ලදී. කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය. 

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජය⁣ගොඩ, ආචාර්ය කල්ප රාජපක්ෂ, කථිකාචාර්ය සුමිත් චාමින්ද හා විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක මංගල මද්දුමගේ මෙහිදී මූලික අදහස් දැක්වීම් සිදු කරනු ලැබූ අතර පැමිණි පිරිස අතර විවෘත සංවාදයක් ද පැවැත්විණි.  

වත්මන් ආර්ථික අර්බූදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් යෝජිත වැඩපිළිවෙලේ ජනතා බලපෑම මෙන්ම වත්මන් පාලකයින් මෙන්ම ආර්ථික විද්වතුන් ඉදිරිපත් කරන ආර්ථික කථිකාවේ ව්‍යාජත්වය පිළිබඳ කියැවෙන මෙම කෘතිය කාලීනව ඉතා වැදගත් සමාජ සංවාදයක් ඇති කිරීමට සමත් වනු ඇත. කෘතිය රචනා කළ යානීස් වරුෆකීස් 2015 ග්‍රීසියේ ඇති වූ සයිරීසා ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වීමත්,  ලංකාව මෙන් ම ග්‍රීසිය ද බරපතල ආර්ථික බිඳවැටීමකට ලක්ව තිබීමත්, එම අත්දැකීම් පාදක කරගෙන මෙම කෘතිය රචනා වී තිබීමත් විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *