දෙමටගොඩ අපරාධ කොට්ඨාශය හලාවත දි දිනේෂ් කුමාර පැහැර ගනී

දෙමටගොඩ විශේෂ අපරාධ කොට්ඨාශය මගින් ජයකොඩි ආරච්චිගේ දොන් දිනේෂ් කුමාරව ඊයේ (29) හලාවත ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇතැයි දිනේෂ් කුමාරගේ බිරිද වන ගංගා කුමුදුනී කුමාරි ලංකා ස්කයි නිව්ස් ‌සමග පැවසීය .

දිනේෂ් කුමාර අංක 6-2සමාජ සේවා පුර ,කටුවැව , සුරියවැව හම්බන්තොට යන ලිපිනයේ පදිංචි තිදරු පියෙකි .

ඔහුව පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ල වත්ත ප්‍රදේශයේ සිදු වු මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් බව දිනේෂ් කුමාරගේ බිරිද වන කුමුදුනී කුමාරි අප සමග පැවසුවාය .

දෙමටගොඩ අපරාධ කොට්ඨාශය මගින් දිනේෂ් කුමාර වෙනුවට ඔහුගේ බිරිද වන කුමුදුනී කුමාරිව පෙබරවාරි 14 වෙනිදා සුරියවැව දි අත්අඩංගුවට ‌‌ගෙන දින හතරක් රදවා තබාගෙන ප්‍රශ්න කර පසුව මුදා හැර ඇත. අපරාධ කොට්ඨාශය මගින් ඇය ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ස්වාමී පුරුෂයා වන දිනේෂ් කුමාර අපරාධ කොට්ඨාශයට පැමිණ බාර වෙතැයි යන උපකල්පනය මතය.

ස්වාමී පුරුෂයා වෙනුවට බිරිද අත්අඩංගුවට න‍ීතියෙන් කිසිදු අවසරයක් නැති අතර දෙමටගොඩ අපරාධ කොට්ඨාශය දිනේෂ් කුමාර වෙනුවට කුමුදුනී කුමාරි අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් ඇයගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇත.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ දහවෙනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කොට ඇති අතර යුද්ධය අවසාන කාලයේ වෙඩි වැදී තුවාල ලබා ඇත. එතැන් පටන් දිනේෂ් කුමාර හමුදා සේවයෙන් බැහැර වි සිට ඇති අතර පසුව විශ්‍රාම ගැන්විම සදහා වෛද්‍ය නිර්දෙශ කමිටුවට යොමු කර සිට ඇත.

දිනේෂ් කුමාරගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලිම සදහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක හා නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ දනුෂ්ක ද සිල්වා යන නීතීඥවරු දෙමටගොඩ අපරාධ කොට්ඨාශයට ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *