දෙමටගොඩ පොලිසිය සිරස මාධ්‍යවේදියාගේ බෙල්ලෙන් අල්ලා ඇදගෙන යයි

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේස් නන්දිමාල් ජනවාරි( 22) දෙමටගොඩ පොලිසියට ගිය අවස්ථාව අවරණය කිරීමට එහි ගිය සිරස මාධ්‍යවෙිදි රෝහණගේ බෙල්ලෙන් අල්ලා ගත් පොලිස් නිලධාරියෙකු ඔහුව ස්ථානාධිපතිගේ කාර්යාලයට ඇදගෙන ගියේය .

සිරස මාධ්‍යවේදියාව මෙසේ ඇදගෙන ගොස් ඇත්තේ දෙමටගොඩ ස්ථානාධිපති කපිල බණ්ඩාරගේ නියෝගයක් මතය .

නන්දිමාල් පොලිසිය ඉදිරිපිට සිට පැමිනිල්ල දැමීම සදහා පොලිසිය ඇතුලට යන අවස්ථාව විඩියෝ ගත කළ යැයි කියා සිරස මාධ්‍යවේදියාගේ මෙසේ සිරස බෙල්ලෙන් අල්ලා ඇදගෙන යෑමට හේතු වි ඇත. සිරස මාධ්‍යවේදිය එම අවස්ථාව විඩියෝ කර ඇත්තේ පොලිසිය ඉදිදිපිට සිටය .

පොලිස් මුලස්ථානය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට අවරණ කටයුතු වල නිරත වි ඇති තමුන්ට මාධ්‍ය ජිවිතය ඇතුලේ මේ වැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු වි නැතැයි මාධ්‍යවේදියා පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හමුවේ පෙන්වා දි ඇත. පොලිසිය ඉදිරිපිට විඩියෝ ගත කරනවා නම් ඒ සදහා ස්ථානාධිපතිවරයාගෙන් අවසර ගත යුතු බව උප ‌පොලිස් පරික්ෂකවරයෙකු පැවැසීය .

පොලිසිය ඇතුලත විඩියෝ ගත කර එල්.ටි.ටි.ඊ සංවිධානයට සල්ලි වලට විකුණනවා දැයි සැකයක් මතු වන බව අංක 50940 අංකය දරණ පොලිස් කොස්තාපල්වරයා මා සමග තර්ක කළේය . මාධ්‍යවේදියාගේ රාජකාරීයට බාධා කිරීම ජනතාවට ‌තොරතුරු දැන ගැනීමේ අයිතියට එල්ල කරන මරු පහරක් බවත් නැති එල් .ටි.ටි.ඊ. එකාක් ඉස්සරහට දාගෙන නීතිය අවභාවිතාවේ නොයදන්නැයි ඉල්ලීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *