LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

දේශබන්දුට නීතිය ක්‍රියාත්මක නොකළ අමාත්‍යංශ ලේකම්ට වැඩ වරදී.

බස්නාහිර පළාත් භාර ජේෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් සිදු කළ ඉල්ලී සහ ඔහුට එරෙහි විනය පරික්ෂණයක් පවත්වන ලෙස කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට හේතු මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දක්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චිට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර ඇත .

කොටුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග නිකුත් කරනු ලැබුවේ මැයි 09 වෙනිදා කොළඹ ගාලුමුවදෝර පිටියේ වාඩිලාගෙන සිටින අරගලකරුවන්ට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ මැරයන් විසින් එල්ල කළ මැර ප්‍රහාරය සමිබන්ධ නඩුව ඊයේ ( 15) විභාගයට ගත අවස්ථාවේ .

මහින්දගේ මැරයන් පිරිසක් අරගලකරුවන්ට සිදුකළ මෙම මිලේච්ජ ප්‍රහාරය නවතාලීමට ජේෂ්‍යඨ පොලිස්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනුකර තිබුණි.

2 thoughts on “දේශබන්දුට නීතිය ක්‍රියාත්මක නොකළ අමාත්‍යංශ ලේකම්ට වැඩ වරදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *