ධනපති ආණ්ඩු ඝාතනය කළ මාධ්‍යවේදීන් සමරති !

ධනපති ආණ්ඩු සහ පැරා මිලිටරි කණ්ඩායම් මගින් මරාදැමීමටත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටත් පහරදීමටත් ලක් මාධ්‍යවේදින්ට මෙතෙක් කල් යුක්තිය ඉෂ්ට නොවිමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (27) සවස විහාාර මහ දේවි උදානයේ දී මරාදමන ලද මාධ්‍යවේදීන් සමරා විරුසමරු උත්සවයක් පැවැත්විණ .

මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් මෙන්ම වෘත්තීය සමිති නායකයින් සහ ගාලුමුවදොර අරගලකරුවන් රැසක් සහභාගි වුහ .

මාධ්‍යවේදීන් ඉල්ලා සිටියේ මරාදමන ලද , අතරුදන් කරන ලද සහ පහරදෙන ලද මාධවේදින්ට වහා යුක්තිය ඉටුවිය යුත් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *