ධීවර සංස්ථාවේ දුෂිත නිලධාරීව හෙළි කළා කියා සරාජ් විල්සන් පරිගණක අපරාධ ඒකකයට කැදවයි

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ඉහල පුටු වල සිටින දේශපාලන දුෂිත නිලධාරීන් පන්නා දමා එම ආයතනය මතු පරපුරට රැක දෙමු යැයි වට්ස්ඇෆ් ‌ගොනුවේ දහසක් පල කළා යැයි ධීවර සංස්ථාවේ කාර්මික ඉජිනේරුවෙකු ලෙස සේවය කළ සරාජ් විල්සන්ට හෙට උදේ 09ට කොළම අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ එකකයට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්නැයි දැනුම් දී ඇත.

“සියලුම සමාජිකයින් සීඑෆ්එච්සි (CFHC) සිදුවන දුෂණ සම්බන්ධයෙන් සෑම වේදිකාවකටම දැනුම් දෙන්න .අපි එකතු වී හඩක් නගමු , කාලය පැමිණ ඇත . ඉහල පුටු දෙක දුෂිත දේශපාලන බුරුවෝ දෙන්න විසි කරලා , අපේ CFHC එක මතු පරපුරට ඉතිරි කරමු” යන අදහස එම වට්ඇෆ් ‌ගොනුවේ පල කර තිබුණි .

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව දුෂිත නිලධාරීන්ගෙන් බේරාගෙන මතු පරපුරට රැක දෙමු යැයි විල්සන්ගේ ඉල්ලීම ප්‍රගතිශීලි මෙන්ම පරාරථකාමී අදහසකි .

අපරාධ පරිගණක කොට්ඨාශයෙන් විල්සන්ට හෙට (26) එම කොට්ඨාඨාශයට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්නැයි කියන්නේ හොරුන් ඇල්ලීමට සදහා නොව හොරුන්ට එරෙහිව අදහස් පල කිරීම සම්බන්ධව විමර්ශන කිරීමටය .

දුෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් විල්සන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතීයට වැට බදින ගමන් ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට ගෙන්වා බිය ගැන්විමේ උත්සහයක ඔවුන් නිරත වෙති .

ධීවර නීතිගත සංස්ථාවේ සභාපති තිලංග ජයවර්ධනගේ සහ කළමනාකාර අධ්‍යක්ෂක වඩුවෙල් සත්‍යනන්දන්ගේ මිලියන සීය ගණනක(100) වංචා දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විලිසන් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දව ,අග්‍රාමාත්‍යවරයාව , ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් දුෂණ කොමිසම දැනුවත් කළ ද මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දන් -ජායාරූපය අන්තර්ජාලයෙන්

ධීවර නීතිගත සංස්ථාවේ සමස්ත ලංකා ධීවර වරාය වෘත්තීය සමිති නායකයෝ ඇමති ඩග්ලස් දේවානන්ද හමු වී ධීවර සංස්ථාවේ දුෂණ හා අක්‍රමිකතා සහ ඊට වගකිව යුත්තන් පිළිබද හෙළිදරව් කර ඇත . දින දහයක් ඇතුළත අවශ්‍ය පියවරක් ගන්නා බවට ඇමතිවරයා වෘත්තීය සමිති නායකයන්ට පොරෝන්දු වී තිබිණ . ඇමතිවරයා හොරු සමග එකතු වී ඊට ඒරෙහි වන්නන් දඩයම් කිරීමට පටන් ගෙන ඇත.

විල්සන් කොන්ත්‍රාත්ර පදනම මත නීතිගත සංස්ථාවේ කාර්මික ඉජිනේරුවෙකු ලෙස සේවයට බැදී ඇති අතර පසුව ඔහු එම සංස්ථාවේ තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත. අයතනයේ පාලකයන් ඔහු සමග ගැටුම් ඇති කර ගෙන ඇත්තේ සමාන්‍ය නීතිය පටහැනිව යමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නැයි කළ ඉල්ලීම විල්සන්ව ප්‍රතික්ෂේප කිරීමත් සමගය . විල්සන් දුෂිත නිලධාරීන් එරෙහිව සටන කිරීම නිසා පාලකයෝ ඔහුගේ අවුරුද්දක කොන්ත්‍රාත් කාලය මාස තුනකට කඩා විල්සන්ගෙන් පළිගෙන ඇත. පසුව ඔහුට එල්ලවු තරජන හමුවේ විල්සන් 2023 ජුනි 08 වෙනිදා පෞද්ගලික හේතු දක්වා ඉල්ලා අස් වී ඇත .

දුෂත නිලධාරීන්ගේ වංචා දුෂණ හෙළි කළා යැයි කියා එස් .එ .ටි. නාමල්ගේ වැඩ තහනම් කර පසු ඔහුව රැකියාවෙන් ද නෙරපා ඇත.

දුෂිත නිළධාරීන්ගේ වැලි ජාවාරම් ,තමනගේ හිතවතුන්ට කොන්ත්‍රාත් ලාබාදීම , නීති විරෝධී පත්විම් සහ සංස්ථාවේ සම්පත් අවභාවිතා කිරීම හරහා උපයා ගත් මිලියන ගණන් මුදල් පිළිබද ලිඛිත සාක්කි සහිත තොරුතුරු අප වෙත ලැබි ඇති අතර ඉදිරියේ දී අපි එම තොරතුරු මහජනයා හමුවේ හෙළි කරන්නේමු . දුෂණ ,වංචා වලට අමතරව සංස්ථාවේ කාන්තාවන්ට සිදු කර ඇති ලිංගික අඩත්තෙට්ටම් පිළිබදව ද තොරතුරු අප වෙත ලැබි ඇත. ධීවර සංස්ථාවේ සේවකයෝ මේවා හෙළිදරවි කරද්දී ‌ඇමතිවරු දුෂිත නිලධාරීන් සමග සිට ගන්නේ මෙම දුෂණ හා අක්‍රමිකතා පිටුපස ඔවුන් සිටින බැවිණි.

මෙම දුෂණ හා ුුුුුුු අක්‍රමිකතා වලට එරෙහිව පුද්ගලයන්ට සටන් කර ජය ගත නොහැකිවක් පමණක් නොව පාලකයන් විසින් ඔහුන්ව විනාශ කර දමනු ඇත. කම්කරු පිඩත මහජන ඊට එරෙහිව බලමුළු ගැන්විය යුතුය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *