නන්දිමාල්ගේ ජිවිතය අනතුරේ

සිරකරු අයිතිවාසිකම් සුරැසීමේ කම්ටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් පැහැර ගැනීමේ තැතත් ඇතැයි අප වෙත වාර්තාවේ .

නන්දිමාල් සේවය කරන දෙමටගොඩ දුම්රිය දෙපාර්මේන්තුවේ බලවෙිග ධාවනගාරයේ ප්‍රධාන ගේට්ටුවට අද (21) නාදුනන පුද්ගලයෙකු පැමිණ නන්දිමාල් සේවය කරන්නේ මෙම ස්ථානයේ දැයි විමසා ඇති අතර නන්දිමාල්ට කතා කරන්න දැයි විමසු අවස්ථාවේ එම පුද්ගලයා අවශ්‍ය නැතැයි පලා ගොස් ඇත. එම බලාගාරයේ ගේට්ටුව ඉදිරිපිට තවත් පුද්ගලයෙකු සිටි බවත් වාර්තාවේ . මිට පෙර අවස්ථා කිපයක දි මෙම නාදුනන පුද්ගලයින් නන්දිමාල් පිටුපස හඹා විත් ඇත.

ඔහු සොයා පැමිණි නාදුනන පුද්ගලයා සම කළු වරණ පැහැ , කරාබු දැමු සහ කහ පැහැති ටීෂර්ටයක ඇද සිට ඇත.

පසුගිය දා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සමන්ත කුමාරව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි මරා දැමීමට එරෙහිව මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නන්දිමාල් පෙනි සිටිම ඊට ආසන්නම හේතුව වි ඇත.

නන්දිමාල් මේ සම්බන්ධයෙන් සාක්කිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරීයට පැමිණිලි කළ බවත් දෙමටගොඩ පොලිසියට ගොස් හෙට (21) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමන බවත් ඔහු අප සමග පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *