නවසීලන්ත අගමැතිනි රටවැසියන් ගැන සිතා ධුරය අතහරි : නව අගමැති ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අත්‍රාමාත්‍යවයා ලෙස හිටපු අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ඒ වෙලින්ග්ටන්හි පැවැති උත්සවයක දි දිවුරුම් ඇත.

වයස අවුරුදු 44 වන හිප්කින්ස් කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් කළමනාකාරණ සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය .

හිටපු අගමැති ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්විමත් සමග හිප්කින්ස් දිවුරුම් දුන් අතර ඔහු අගමැති ධුරයට දිවුරුම් දිමට පෙර කම්කරු පක්ෂයේ නායකය ධුරයට පත් විය .

හිටපු අගමැති ආර්ඩන් අවුරුදු 05 ක පමන කාලයක් අගමැති ලෙස කටයුතු කළ අතර නව නායකයෙකුට අවස්ථාව ලබා ‌දි තමන් සිය ධුරයෙන් ඉවත් වන බව පසුගිදා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය .

රටක නායකයකත්වය දිම ඔිනෑම කෙනෙකුට කළ හැකි වරසාද රැසක් ලැබෙන ධුරයක් වුවත් එය අභියෝග රැසකින් සමන්විත බව පවසන ඇය එම අභියෝග වලට මුහුණ දිමට තමන්ට හැකියාවක් නෙමැති නම් රටවැසියන් ගැන සිතා එම ධුරයෙන් ඉවත් සුදුසෙකුට අවස්ථාව ලබා දිය යුතු බව ආර්ඩන් වැඩිදුරටත් පැවැසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *