නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 18 ක්

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 18 කින් සමන්විත වන බවත් සෙසු අමාත්‍යවරු 18 දෙනා ලබන 18 වැනිදායින් පසු පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ .

සෞඛ්‍ය ,කෘෂිකර්මය සහා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සඳහා පාලිමේන්තු මන්ත්‍රීවරු කිපදෙනෙකු ගේ නම් මේ වන විටත් යෝජනා වි ඇති බවත් එම මන්ත්‍රීවරුනට එම අමාත්‍ය ධුර හිමි වන බවත් වාර්තාවේ .

අධ්‍යාපන අමාත්‍ය ධුරය සඳහා කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්තත් කෘෂිකර්ම ධුරය සඳහා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වාත් පත් කිරීමට යෝජනා වි ඇති බව වාර්තාවේ .

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍ය වරු හතර දෙනාට අමරව ඉතිරි අමාත්‍ය ධුර 14 පත්කිරීම අද
( 16) සවස පැවැත්වෙන ස්වාධින මන්ත්‍රීවරුන් ගේ සමඟ ජනාධිපතිවරයා සිදු කරන සාකච්ජාවෙන් අන්තුරුව සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ .

3 thoughts on “නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 18 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *