නව ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි අරගලකරුවෝ ඉල්ලති

නව ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර අද (01) උදේ බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

දියත අගලකරුවන් විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි .

නව ත්‍රස්ත පනත වහා අහෝසි කරනු ! වෘත්තීය සමීති මර්දනය නතර කරනු ! සැබෑ ත්‍රස්තවාදීයා රජයයි .සහ ජනතාවට සහන සලසනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත වුහ .

මෙම විරෝධතාවය මැඩ පැවැත්වීම සදහා දෙසීයක් පමන පොලිස් නිලධාරීන් පිරිසක් කැදවා තිබිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *