නව ත්‍රස්ත පනතෙන්, වෘත්තීය සමිති ක්‍රියා ත්‍රස්ත ක්‍රියා ලෙස නම් කරලා

රජයේ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත අනුව
අත්‍යවශ්‍ය සේවාවලට ආදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදී කටයුතු වශයෙන් සඳහන් කර තිබේ .
ඊට අමතරව මහජනතාවගේහෝ එහි යම් කොටසක සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම ත්‍රස්තවාදී වරදක් ලෙසසඳහන් කර තිබේ .
2023 මාර්තු 17 වන දින රජයේ ගැසට් පත්‍රයේ දෙවන කොටසේ අතිරේකයක් ලෙස මෙම පනත් කෙටුම්පත ප්‍රකාශයට
පත්කර ඇති අතර එය මුද්‍රණයෙන් නිකුත් කර ඇත්තේ මාර්තු 22 දිනය .
යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම්වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමඟ සම්බන්ධ යම් තීරණාත්මක
යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ ඒ සඳහා
මැදිහත්වීම’ හා ‘මහජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම’ එම
සඳහන් කිරීම් ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පතට ඇතුලත් කර තිබේ .
එම ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක්
සඳහා බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගතකිරීමකට සහ රුපියල් මිලියන එකක් නොඉක්මවන දඩ මුදලකට යටත්විය යුතු බව ඊට අදාළ දඩුවම් වශයෙන් එහි සඳහන් කර තිබේ .
එසේම එසේ වරදකරු වීම ප්‍රකාරව අධිකරණය විසින් පනවනු ලබන යම් දණ්ඩනයකට අමතරව අදිකරණය විසින් එම
තැනැත්තාගේ සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක කරනු ලැබිය හැකි බවද සඳහන් කර තිබේ. තවද වරදක් කරනු ලැබීමෙන් පසු එම තැනැත්තා විසින් සිදුකරන ලද යම් දේපල රාජසන්තක අන්සතු කිරීමක් හෝ වෙනත් බැහැර කිරීමක් ශුන්‍ය හාබලරහිත වූ ලෙස සලකනු ලැබිය යුතුය යනුවෙන් දක්වා තිබේ .
එසේම ඒ ආකාරයේ වරදක් සිදු කිරීමට තැත් කරනු ලබන අනුබල දෙනු ලබන හෝ කුමන්ත්‍රණය කරනු ලබන හෝ වරදක්
සිදු කිරීමට යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තෙකුද වරදකරුවෙක් ලෙස දක්වා ඇත . ඒ සඳ විසින්
අවුරුදු පහළෛාවකට නොඅඩු බන්ධනාගාර ගත කිරීමකට සහ රුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට යටත් වන බවදක්වා තිබේ .
මේ වනවිට රජය විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් , ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ
බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ
පිළිගැනම . රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවහ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම
සේවා වැඩ හෝ ශ්‍රමය මාර්තු 17 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති අතර
මාර්තු 13 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තැපැල් සේවයද අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර තිබේ .

ඊට අමතරව වරාය හා ඒ ආශ්‍රිත සියලු සේවාද ගොඩබිම ජලයේ හා ගුවන් මගින් සිදුකරන මගී ප්‍රවාහන සේවා හා
භාණ්ඩ ප්‍රවාහන සේවාද ජනාධිපතිවරයා විසින් අතයවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය ‍.
මාර්තු 23 වැනිදා සංගමිත්තා විද්‍යාලයේදී පැවති පාසල් දරුවන්ට‌‌ පෙළ පොත් හා නිල ඇඳුම් ලබාදීමේ
ජාතික උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගැනීමට
කිසිඳු කණ්ඩායමකට ඉඩ නොතබන බවත් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ දරන බවත් හා එසේ
නොහැකි වුවහොත් අධ්‍යාපන ක්ෂේත්‍රයද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවත්ය .

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්ප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *