න්‍යෂ්ටික අවි තුරන් කරන්නැයි මහ මණ්ඩලය ඊශ්‍රායලයට කියයි

පරමානුක අවි තුරන් කර ,න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති තැන් ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සියේ අධික්ෂණය යටතේ තබන්නැයි නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඊශ්‍රායාලයෙන් ඉල්ලයි .

ඊජිප්තුව ඊශ්‍රායාලයෙන් පරමානුක අවි තුරන් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට ගෙන ආ යෝජනාවට රටවල් 152 කින් රටවල් 05 විරුද්ධවත් රටවල් 24 ක් ජන්දය දිමෙන් වැළැකි සිටියේය .

ඊජිප්තුව ඊශ්‍රාලයට විරුද්ධව ‌යෝජනාව ගෙන එමට පලස්තිනය ,බහරේන් , ජෝර්දානය ,‌මොරෝක්කෝව සහ එක්සත් අරාබි රාජ්‍ය ඇතුළු රටවල් 19ක් සහාය දක්වා ඇත.

න්‍යෂ්ටික අවි ඇති රටවල් නමය අතර ඊශ්‍රායලය එක් රටක් ලෙස සැලකෙන නමුත් ඊහ්‍රායලය එය පිළිගන්නේ නැත .

න්‍යස්ටික අවි ප්‍රගුණනය(npt) වැළැක්විමේ ගිවිසුමට අත්සන් කොකළ මැද පෙරදිග එකම රට ඊහ්‍රායලය වේ .

තවත් ප්‍රමාදයකින් තොරව ගිවිසුමට එකගවන ලෙසත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරිම , නිෂ්පාදනය කිරිම ,පරික්ෂා කිරිම ,හෝ වෙනත් අයුරකින් අත්පක් කර නොගැනිම න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම ප්‍රතින්ෂේප කිරීම සහ අනාරක්ෂිතව න්‍යෂ්ටික පහසුකම් සියල්ල පුර්ණ විෂය පථය යටතට පත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය තවදුරටත් ඊශ්‍රායලයෙන් ඉල්ලයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *