නැගෙනහිර සහ දකුණ යා කළ මාධ්‍ය සැමරුම

ධනපති ආණ්ඩු පැරා මිලිටරි කන්ඩායම් මගින් මරා දමන ලද , අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදින්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නැගෙනහිර මෘධ්‍ය සමාජය එකාබද්ධව විරෝධතා උද්ඝෝෂණයක් සහ මරා දැමුවන් සහ අතුරුදන් කරන ලද මාධ්‍යවේදීන්ගේ සැමැරුමක් පසුගිය 28 දාසවස 4ට ඹඩකලපුව නගරයේ ගාන්ධි උදානය අසල පැවැත්විණ .

මෙම අවස්ථාවට ජනමාධ්‍යවේදීන් මෙන්ම නැගෙනහිර ක්‍රිහාත්මක දේශපාලන පක්ෂ වල නියෝජිතයින් ද සහභාගි වුහ .

උතුරු -නැගෙනහිර සහ දකුණේ මරා දමන ලද , අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදීන් පිංතුර ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත වු විරෝධතාකරුවෝ පසුව මඩකලපුව නගර ඇතුලත පෙළපාලියෙන් ගමන කොට උදානය අසල සමරු උත්සවය පැවැත්වුහ .

ඔ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රැගෙන යන ලද ස්මාරකය මත පහන් දල්වා ධනපති ආණ්ඩු , විවධ කල්ලි සහ සංවිධාන විසින් මරා දමන ලද මාධ්‍යවේදීන් සිහිපත් කරන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *