නිදහස් අධ්‍යාපනය වැනසීමට එරෙහිව පාරට ආ අන්තරයට ජල ප්‍රහාර

නිදහස් අධ්‍යාපනය වනසන රනිල් -විජේදාස වාර්තාව ඉරාදමමු යැයි කම්කරු -පීඩිත මහජනයාගෙන් ඉල්ලා කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට අද (10) සවස පැවති විරෝධතා උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරී පොලිසීය විශ්ව විද්‍යාල සිසුන් 22 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය .

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින්ය.

ටවුහොල් ජයවර්ධන කේන්ද්‍රය ඉදිරිපිට පිටින් ආරම්භ කළ විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් සහ සටන් පාඨ සහිත පුවරු ඹසවාගෙන උද්ඝෝෂණයේ නිරත වු උද්ඝෝෂකයෝ පසුව පෙළපාලියෙන් පුස්තකාලය දෙසට ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේ කැරැලි මර්දන පොලිසීය ජල ප්‍රහාර එල්ල කර පා ගමන වැළැක්වීමට පොලිසීය උත්සහ කළ ද සිසුන් විහාර මහා දේවි උද්‍යානය මැදින් පුස්තකාලය දෙසට දුව යෑමත් සමග පොලීසීය ඔවුන් පසුපස පන්නාගෙන ගියේය . පුස්තකාල පරිශ්‍රය ඇුතුලේ කොටු වු සිසුන් පස්දෙනෙකු පොලිසීය මගින් අත්අඩංගවට ගැණින . අත්අඩංගුවට ගත් පිරිස අතර සිසුවියන් ද සිටියේය

නිදහස් අධ්‍යාපනය වැනැසීමටත් බාල ඖෂධ ආනයනය කොට ජනතාව මරා දැමීමටත් එරෙහිවත් ඖෂධ මිල පහත හෙළනු සහ උපකරණ හිගය වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණ . එම උද්ඝෝෂණයට සමාන්තරව ජයර්ධන පුර විශ්ව විද්‍යාල සිට පාරේ බස් රථ වලින් කිරුළපන දක්වා පැමිණි සිසුන් එහි උද්ඝෝෂණයේ නිරත වී ඇත. පසු පොලිසීය ජල ප්‍රහාර එල්ල කර විරෝධතාවය විසුරුවා හැර ඇත. පසුව සිසුන් පොල්හෙන් ගොඩ හරහා විවෘත විශ්ව විද්‍යාලයට ගොස් තිබිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *