නිමල් සිරිපාල ,අමරවීර , ජගත් ,ලසන්ත යළි ශ්‍රීලනිපයට එකතු වන්න සාකච්ජා කරලා

ආණ්ඩුව සමග සම්බන්ධ වී සිටින හ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් යළි එම පක්ෂය සමග සම්බන්ධ විමට කළ සාකච්ජාව එකගතාවයකින් තොරව අවසන් වී ඇත.

ශ්‍රිලනිප නායක දෛත්‍රීපාල සිරිසේනගේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාව‌තේ පිහිටි නිවසේදී එම සාකච්ජාව මැයි 16 වනදා පවත්වා ඇති අතර ඒ සදහා ආන්ඩුව සමග කටයුතු කරන ඇමතිවරුන් වන නිමල්සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර ,රාජ්‍ය ඇමතිවරුන් වන ජගත් පුෂ්ප කුමාර සහ ලසන්ත අලගියවන්න සහභාගි වී ඇත. ශ්‍රීලනිපයේ පැත්තෙන් නායක සිරසේන , මහ ලේකම් දයාසිරි ජයසේකර ,ශාන් විජයලාල් ද සිල්වා සහතාරක දුෂ්මන්ත සහභාගි වී තිබේ .

මෙම සාකච්ජාවේදී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ආණ්ඩුව සමග කටයුතු කරන පිරිස ඉල්ලා ඇත්තේ , ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීම ඉවත් කරන ලෙසත් පක්ෂය සමග එක් වී යඝිත් කටයුතු කිරීමට සුදානම් බවත්ය . එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රීලනිප නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ පක්ස විපක්ෂ යේ සිටියදී .එහි සමාජිකයින් පිරිසකට ඇමතිධුර දරමින් ආණ්ඩුවේ කටයූතු කළ හැකි ද යන්නය .

එමෙන් ඉදිරීයෙදී පාර්ලිමේන්තු ජන්දයට භාජනය වීමට නියමිතය මහජන උපයෝගිතා කොමිසමමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව වැනි අවස්තාවකදී පක්ෂය එයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවකදී පක්ෂයේ මතයත් සමග එම ඇමතිවරුන්ට කටයුතු කළ හැකි දයන්නය . පක්ෂයට එනවා නම් ආණඩුවේ ඇමතිකම්වල සිටිමින් එය කළ නොහැකි බව ඇමතිවරුන්ට දැනුම් දී ඇත. මෙහී දී නිමල් සිරිපාල ද සිල්වා ඔහුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව ලබාගත් නියෝගය පක්ෂය යළි අභියෝගයට ලක්කළත් අන් අය සම්බන්ධයෙන් එසේ කර නැතැයි කියා ඇති අතර පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ඔවුන්ද තහනමට එරෙහිව නියෝග ගතහොත් ඊට අභියෝග කරන බවය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *