නීතිපති මිනීමරුවන්ට දුෂිතයන්ට එරෙහි අධිචෝදනා ඉල්ලා අස් කර ගනි, මුදලි නිදහස් නොකරයි .

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වහා අහෝසී කරන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඪලයේ කැදවුම්කරු මුදලිගේ වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බල කර අද (05) උදේ අලුත් කඩෙි උසාවි සංකිරණයට පිවිසෙන මර්ගයේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලදි .

විරෝධතාකරුවන් මුලින් කොළඹ ටෙක්නිකල් මංසන්දියට එකතු වු අතර පසුව ටෙක්නිකල් මංසන්දිය සිට උසාවිය දෙසට ගමන් කරන්නට සැරසෙද්දි පොලිසිය පෙළපාලි යැමට ඉඩ දිය නොහැකි යැයි කියා පාර හරස් කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලිසිය අතර බහින් බස් විමක් ඇති විය . අන්තරය පොලිසිය නොමග යවමින් උසාවි සංකීරණය අසලට පිරිසක් යවා නිහඩ විරෝධතාවය ආරම්භ කළ අතර පසු ටෙක්නිකල් මංසන්දියේ සිටි පිරිස් එම විරෝධතාකරුවන් සමග එකතු වුහ .

පාගාල නායෙකුවන කංජිපානිට ඇප දෙද්දිත් සිසුන් 11 ක් අතුරුදන් කළ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ එරෙහිව ‌ගොනු කළ අධි චෝදනා ඉල්ලා අස්කර ගැනිමත් බැසිල් රාජපක්ෂෂටඑරෙහිව නැගුමේ මුදල් ගසා කෑවා යැයි එල්ලකර තිබු අධිචෝනා ඉල්ලා අස් කර ගැනිමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කළා යැයි පිල්ලයාන්ට එරෙහිව ‌ගොනු කර තිබු අධිචා්දනා ඉල්ලා අස් කර ගනිද්දි ,මුදලිගේ නිදහස් නොකරන්නේ මන්දැයි විරෝධතාකරුවෝ එම වැකි ලියු පුවරු ඔෂවාගෙන ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *