නීතිය වගේම හෘද සාක්ෂිය ඊටත් වඩා වැදගත්

නීතිය වගේම හෘද සාක්ෂියට වඩා වැදගත් බවත් ජනාධිපති මන්දිරයට වි‍ශාල පිරිසක් ඇතුල් වු අතර එක පුද්ගලයෙකු පමනක් කොටුකර විමර්ශන කිරීම සුදුස නැති බවත් ත්‍රස්ත පනත මේ ආකාරයට භාවිතා කිරීම තුල ගැටළු සහගත බවක් අති බව ඔිනෑම කෙනෙකුට පෙනෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි (17) තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි ටී . එන්. එල් .මහවත්ත මහත්මිය නියෝ කරමින් පැවසුවාය .

ජනාධිපති මන්දිරයට ඇතුල් වු අයට දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ ‌අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් සැකකරුට පමනක් ත්‍රස්ත පනත යටතේ නඩු පැවැරූවේ ඇයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත පනත යටතේ නඩු පවරන්න නම් සාක්කි අවශ්‍ය බවත් ප්‍රකාශ කළාය .

මුදලිගේ ජනවාරි 17 වෙනිදා අධිකරණය ඉදිරිපත් කරද්දී සැකකරුගේ සාක්කි සම්පින්ඩනයක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය ත්‍රස්තවිමර්ශන ඒකකයට නියෝග කරමින් සත්භාවයෙන් කටයුතු කරන්නැයි ප්‍රකාශ කළාය .

රජයේ පාර්ශවයෙන් කියන නීතිවිරෝධී කියන කිසිම කරුනක් බී වාර්තාවට ඇතුළත් කර නැතැයි මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *