පංචිකාවත්ත බිසීසී ඇලේ නාදුනන මළ සිරුරක්

කොළඹ පංචිකාවත්ත සංඝරාජ මාවතේ බිසීසී (පාලම) ඇලේ නාදුනන මළ සිරුරක් පාවෙමින් තිබේ .

නාදුනන මළ සිරුරක් අද (09) පාන්දර බිසීසී ඇලේ පාවෙමින් තිබෙන අයුරු දුටු එම ප්‍රදේශයේ අසල්වැසියෙක් මාලිගාවත්ත පොලිසියට දුරකතනයෙන් කතා කොට දැනුම් දී ඇත.

අප එම ස්ථානයට යන විටත් පොලිසීය එහි පැමිණ සිටි අතර ඇලේ පාවෙන පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු දැයි ඇල අවට සිටි පිරිස් වලින් අප කළ විමසීමේ දී ඔහු පිළිබදව කිසිම තොරතුරක් නොදන්නා බව තහවුරු කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *