පක්ෂ,වෘත්තීය සමිති , සිවිල් සහ ජනමාධ්‍ය සංවිධාන නව ත්‍රස්ත පනත එරෙහිව අධිකරණයට යයි

ආණ්ඩුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පා්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අභියෝගයට ලක්කරමින් අධීකරණ ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මෙන්ම වෘත්තීය සමිති හා සිවිල් සංවිධානරැසක් තීරණය ක ඇත.

මේ වන විටත් විපක්ෂ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් වන සමගි ජන බලවෙිගය , දෙමළ ජාතික සන්ධානය හා නිදහස් ජනතා සභාව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය ක්‍රියා මාර්ග ගන්නා බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන මහචාර්ය රේහණ ලක්ෂ්මන් පියදාස පැවැසුවේ මෙම පනත් කෙටුමපත සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ලබාදෙන ලෙසට එම පක්ෂයේ නීතිඥ කණ්ඩායමට උපදෙස් ලබාදී ඇති බවත් ඊට අමතරව මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සදහා ලබන සතියේ පක්ෂ රැස්වීමට නියමිත බවත්ය . අධිකරණය මගින් පමනක් නොව ඉන් භාහිරව එම පනත් කෙටුම්පතට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න එහිදී සාකච්ජා කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය .

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 43 කණ්ඩායමේ මතය පිළිබදව කරු පරණවිතානගෙන් විමසීමේ දී ඔහු පැවැසුවේ යෝජනා කර ඇති පනතට එම පක්ෂය විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන්නේ කුමක්ද යන්න සාකච්ජා කරමින් පවතින බවත්ය .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන ද මෙම පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති අතර වෘත්තීය මෙන්ම ජනමාධ්‍ය සංවිධාන ද මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තාවේ .

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රජපක්ෂ මාධ්‍යට පවසා ඇත්තේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුකර ඇති විරෝධය සැලකිල්ලට ගනිමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉක්මනින්ම සිදු නොකරන බවත් එය අවුරුදු සමයේ අධිකරණ නිවාඩු අවසන් විමෙන් පසු පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තු වන බවත්ය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *