පළාත් පාලන අපෙක්ෂකයෙකු CID අත්අඩංගුවට ගනී

ඒහගාලුමෝදර අරගලකරුවෙක් මෙන්ම පළාත් පාලන මැතිවරණයට අභිනව නිවහල් පෙරමු‌ණෙන් මහරගමට තරග වදින වසන්ත ජයකොඩි හෙවත් මැකෝව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සයිබර් අපරාධ එකකයේ නිලධාරින් විසින් අද (26) උදේ ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත.

ජයකොඩිව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉදිරියේදි පැවැත්විමට නියමිත නිදහස් උත්සවය සම්බන්ධයෙන් ඔහුගේ මුහුණ පොතේ පල කළ අදහසක් මගින් මහජනයා අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට ජයකොඩි උත්සහ දැරුවා බව කියාය .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ රදවාගෙන සිටින ඔහුව හෙට (27) උදේ නුගේගොඩ ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කරන බව ජයකොඩි බැලීම සදහා එම ‌දෙපාර්මේන්තුවට ගිය නීතිඥ නුවන් බෝපගේට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ උසස් නිලධාරයෙකු පවසා තිබේ .

පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ජුලි 13 වෙනිදා අගමැති කාර්යාලයට බලහත්තාරයෙන් ඇතුල් වුවා යැයි ජයකොඩිව අත්අඩංගුවට ගෙන පසු ඇප මත මුද්‍රහරින ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *