ප්‍රති ත්‍රස්ත පනත එරෙහිව දේපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අත්සන් තබයි

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසී කරන්නැයි සහ ප්‍රති ත්‍රස්ත පනත ඉරා දමන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර දේශපාලන පක්ෂ , වෘත්තීය සමිති , බහුජන සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන අද (24) සවස කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛනයෙදී එකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබුහ .

සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ , ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විරමන් වීරසුමන , එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල ඹණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ජාතික සංවිධායක වෙට්ලිංගම් මහේන්ද්‍රන් , දෙමළ සන්ධානයේ රත්නවෙල් , සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලන්ගසිංහ , ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද විජේසිංහ ,ජාතික ජන බලවේගයේ ආචාර්ය නිමල් අබේසිංහ සහ සරසවි ශිෂ්‍ය සංගම් වල නියෝජිතයින් ඇතුළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල නායකයින් එකාබද්ධ ප්‍රකාශනයට අත්සන් කළහ .

මෙම එකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීම අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලදී .

එකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් පසු දේශපාලන .වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල නායකින් පැමිණ සිටි අමතා කතා කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *